TT Ads

හට්ටියට හිඳෙන්න, සියඹලා යහමින් එක්කර හදන කොහිල අල මාළුව හරිම රසවත්. විශේෂයෙන් අර්ශස් රෝගීන්ට මල බද්දයට කොහිල අල අනර්ඝ ඖෂධයක්. කොහිලවලට ආවේනික වූ කෙඳි සහිත ගුණය නිසා පුංචි දරුවන්ට නම් කොහිල අල කවන එක හරිම අමාරු වැඩක්. ඒ නිසාම කොහිල අලවලින් පුංචි රස මැජික් එකක් කරලා හවස තේ මේසෙට වඬේ විදිහට එක් කරන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

කොහිල අල ග්‍රෑම් 250ක්
ලොකු පරිප්පු ග්‍රෑම් 200ක්
කොච්චි කරල් කිහිපයක්
බී ලූණු ගෙඩියක්
කරපිංචා ස්වල්පයක්
ගම්මිරිස් කුඩු තේ හැඳි 01ක්
ලුණු අවශ්‍ය පමණට
බැද ගැනීමට අවශ්‍ය තරම් තෙල්

සාදා ගන්නා ආකාරය

මුලින්ම කොහිල අල සිහින්ව ලියා වංගෙඩියක දමා තලා ගන්න. ඉනපසු පෙඟෙන්න තබාගත් ලොකු පරිප්පු බාගෙට කොටා ගන්න. පරිප්පු මිශ්‍රණයට සිහින්ව ලියාගත් කොච්චි, බී ලූණු, කරපිංචා, ගම්මිරිස්, ලුණු දමා තලාගත් කොහිල එක්කර බෝල කරගන්න. අනතුරුව තාච්චියක් ළිප තබා තෙල් රත්වන විට බෝල කරගත් හෝ බෝල කර පැතිලි කරගත් වඬේ ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>