TT Ads

සැලෝන් වහලා නිසා මේ දවස්වල තමන්ගේ මුහුණ හැඩ කරගන්න එක කාන්තාවන් බොහොමයකට ලොකු ගැටලූවක් වී තිබිය හැකියි. මේ නිසා ඔබට නිවසේදී සපයා ගත හැකි දේවල්වලින් ගෙදරදී ඔබේ අතින්ම රුව රැුකගන්නා විදියක් ගැන අපි සොයා බලමු.
මුහුණේ පැහැපත් බව වැඩිකර ගැනීම සඳහාසුදුසු ක්ලෙන්සර් වර්ගයක් හෝ ෆේස් වොෂ් වර්ගයක් යොදා මුහුණ හොඳින් පිරිසිදු කරගන්න.
මීළඟ පියවර ලෙස මල්පීස් වැනි මෘදු සිනිදු රෙදි කැබැල්ලක් ගෙන මඳ උණුසුම් වතුරේ පොඟවා එය මුහුණ මත එලාගෙන ටික වේලාවක් හිඳින්න, ඉන්පසු එය ඉවත් කර ගන්න.
ඉන්පසු ෙදාඩම් යුෂ ටිකක් ගෙන මුහුණේ සම මත හොඳින් ආලේප කරන්න. නැතිනම් කුඩා ස්පේ‍්‍ර ගන් එකකට දමා මුහුණට ස්පේ‍්‍ර කරගන්න.
අපි දැන් මීළඟ පියවරට යමු. මෙහිදී කළ යුත්තේ මුහුණේ යට සිට එනම් නිකට යට සිට උඩට රවුමට රවුමට සම්බාහනය කිරීමය. ෙදාඩම් යුෂ ටික වියළී ගිය විට නැවත ගල්වා සම්බාහනය කරගෙන යන්න. මේ ආකාරයට විනාඩි විස්සක් සම්බාහනය කරන්න. ඉන්පසු පිරිසිදු ඇල්වතුරෙන් සෝදා හරින්න. දැන් මුහුණ තෙත මාත්තු කර කෝමාරිකා යුෂ ටිකක් ආලේප කරන්න.
සති දෙකකට පමණ වරක් මෙය කර බලන්න. කෙටි කලකින්ම ඉතා හොඳ ප‍්‍රතිඵල ලැබේවි.

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>