TT Ads

බත් සහ එළවළු කොතරම් රසවත්ව පිළියෙළකර තිබුණද, ඊට පපඩමක් දෙකක් එකතු නොවන්නෙ නම් ඇතැමුන්ට එය විශාල අඩුපාඩුවකි. පපඩම්වලට ඇති මෙම ඉහළ ඉල්ලුම නිසා අද වෙළෙඳපොළට විවිධ නම් වලින් පපඩම් වර්ග නිකුත් වී තිබෙනු දැකගත හැකිය. කෙසේ වෙතත්, ඒ සෑම පපඩම් වර්ගයක්ම එකසේ රසවත් නැත. එබැවින් පිරිසිදුවත්, රසවත්වත් පපඩම් නිෂ්පාදනය කරන්නේ නම් ඒ සඳහා වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් නිතැතින්ම නිර්මාණයවේ. අප මේ සූදානම් වන්නේ ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට නිවැරදි ප්‍රමිතියකට අනුකූලව ගෙදරදීම පපඩම් නිෂ්පාදනයක් කරන ආකාරය ගැන නිවැරදි අවබෝධයක් ලබාදීමටය.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

උඳුපිටි ග්‍රෑම් 100
පාන්පිටි ග්‍රෑම් 50
බැදගත් කැකුළු හාල්පිට ග්‍රෑම 50
ලුණු තේ හැඳි 1 1/2
ආප්ප සෝඩා ග්‍රෑම් 5
නටන මට්ටමේ උණු වතුර
මිලි ලීටර් 75

සාදා ගන්නා ආකාරය:-

මුලින්ම නටන තෙක් උණුකරගත් වතුරට ආප්ප සෝඩා මිශ්‍රකර ගන්න (මෙහිදී ඔබ එක්කර ගත් ආප්ප සෝඩා අලුත් නම් ඉක්මනින් බුබුළු නැගෙනු දැක ගත හැකිය. එමෙන්ම මෙම මිශ්‍රණය සුදු පැහැති පෙණ නැගෙමින් ඉහළ නැගෙනුද දැක ගන්නට පුළුවන.)
පාන් පිටි සහ උඳු පිටි එකට මිශ්‍රකර පෙනේරයකින් හොඳින් හලා ගන්න.

එම පිටි මිශ්‍රණයට, පොල්තෙල් සහ ආප්ප සෝඩා මිශ්‍රකර සාදාගත් ද්‍රාවණය දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ලැබෙන මිශ්‍රණය පිටි ගුලියක් වන පරිදි හොඳින් අනාගන්න.

අනාගත් පිටි ගුලියේ තද බව අඩු කර ගැනීම සඳහා එයට පොල්තෙල් ස්වල්පයක් එකතු කර පැය 1/2ක් පමණ තබන්න.
පැය 1/2කට පසු එහි තද ගතිය තරමක් අඩුවී තිබෙනු දැක ගත හැකි වනු ඇත. ඉන්පසු එම පිටිගුලිය අතින් ටික වේලාවක් හොඳින් අඹරා ගන්න. එසේ කිරීමේදී ඇතිවන වියළි බව අඩුකර ගැනීම සඳහා නිතර නිතර පොල් ලේ එකතු කර ගන්න.
පිටිගුලිය තවත් මෘදු කර ගැනීම සඳහා rolling pin එකකින් පැය 1/2ක් පමණ තලා ගන්න.
පැය 1/2 කට පසු පිටි ගුලිය තවත් ඇදෙන සුළු මට්ටමට ගෙන ඒමට අතින් අදිමින් ලෑල්ලක තබා පැය 1/2ක් පමණ රෝල් කර ගන්න.
ඇදෙන සුළු මට්ටමට පත්වූ පිටි ගුලිය සිලින්ඩරාකාර හැඩයට රෝල් කර ගෙන එයින් කොටසක් කපා ගන්න.
රෝල් කරගත් සිලින්ඩරාකාර පිටි මිශ්‍රණය අඟලක් පමණ වන කැබැලි වලට කපා වෙන් කර ගන්න.
එම කැබැලි භාජනයකට දමා වසා තබන්න.

ඉන්පසු කපාගත් කැබලි එකින් එක ලෑල්ලක් මත තබා ඒවායේ හාල්පිටි තවරා ගන්න.
ලෑල්ල මත හාල් පිටි ටිකක් දමා පිටි මිශ්‍රණයේ කැබලි ඒ මත තබා පපඩම් හැඩය ලැබෙන පරිදි අවශ්‍ය තරමට තුනී කර ගන්න.
එසේ තුනී කර ගැනීමෙන් ලැබෙන පපඩම් එක මත එක තබා ඒවා මත හාල්පිටි ඉසගන්න. එසේ කිරීමෙන් පපඩම් එක මත එක ඇලීමෙන් වළකියි.

ගලවා ඉවත් කරගත් පපඩම් පිටි හොඳින් පිස දමා තැටියක් මත තබන්න.
එම පපඩම් රවුම් හැඩය හොඳින් ලැබෙන පරිදි කපා ගන්න.

එසේ සාදාගත් පපඩම් හොඳින් වේලා ගන්න. අව්වෙ වේලන්නේ නම් නිතරම දෙපැත්ත හරවමින් වේලා ගන්න.
යොදා ගන්නා මිමි වර්ග සහ ඒවායේ අනුපාත අනුව පපඩම බැදීමේදී පිපෙන ආකාරය වෙනස්වේ. උඳු පිටි පමණක් යොදා ගනිමන් සාදා ගන්නා පපඩම් බදින විට හොඳින් පිපෙයි. නමුත් අලෙවිය සඳහා පපඩම් නිෂ්පානය කිරීමේදී උඳු පිටි පමණක් භාවිත කළොත් විශාල මුදලක් වැය වෙයි. එවිට එම පපඩම්වල මිලද ඉහළ දැමීමට සිදුවෙයි. නමුත්, නිවසේදි ආහාරයට ගැනීම සඳහා නම් යොදන පාන් පිටි ප්‍රමාණය අඩුකර හෝ පාන්පිටි එකතු නොකර මේ ආකාරයට නිෂ්පාදනය කරගත හැකිවේ.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>