TT Ads

මෙම බෑග් මැසීමට වැඩි වියදමක් හෝ වැඩි ශ්‍රමයක් වැය වන්නේ නෑ. මේවා මසා සුපිරි වෙළෙඳසැල්වලට දැමිය හැකියි.
මේ බෑග් එක කපන ක්‍රම කීපයක්ම තියෙනවා. ඔබට පහසු ක්‍රම 2ක් කියලා දෙන්නම්. පහත දිග පළලට අනුව කාඞ්බෝඞ් වලින් පතරොම් සකසා ගන්න. එවිට පිරිමහලා කපා ගන්න පුළුවන්.
මේ සඳහා කැම්බ්‍රෙල්ලා රෙදි වඩාත් හොඳයි. කට් පීසස් වලින් මහන්නත් පුළුවන්. ඩෙනිම් වගේ ඝණකම රෙදි තෝරා ගත යුතුයි.

සාදාගත් පතරොම තබා අවශ්‍ය කොටස් කපා ගන්න. මැද කොටසේ පළල පැත්තේ අඟල් 1 නවා වාටිය මසා ගන්න. මැද කොටසේ දිග පැත්තේ මැද ලකුණු කර ගන්න. (දෙකට නමා දිග දෙපැත්තේම මැද ලකුණු කරන්න) අංශ කොටසේ (එක් පැත්තක) පළල පැත්තේද මැද ලකුණු කර ගන්න.
නොපිට පැති දෙක එකට සිටින සේ මැදට මැද තබා පින් එකක් ගසා ගන්න.


1 රූප සටහනේ ලෙස හොඳ පිටින් මැහුම් වාසි පිටට සිටින සේ අංශ කොටස අල්ලා ගන්න. අංශ කොටසේ උසින් ඉතිරි වන ප්‍රමාණය ඇතුළට නවා අල්ලන්න. අනෙක් අංශයද එසේම අල්ලා ගන්න. ඉන්පසු වෙනම කපාගත් අඟල් 1/2 පටියක් මැහුම් වාසිය දිගේ පයිපින් එකක් සේ අල්ලා ගන්න. කොටස් දෙක මූට්ටු කිරීමේදීම නවා මසා ගන්නත් පුළුවන් (වෙනම පයිපින් පටියක් නැතිව) අඟල් 2 1/2” පළල අඟල් 24 දිග රෙදි කොටසක් ගෙන දෙපසින් නවා පටි දෙකක් මසා ගන්න. මැද සිට දෙපසට අඟල් 5 පරතරය තබා අඟල් 4 පමණ හසුවන සේ සවිමත්ව පටි දෙක අල්ලා ගන්න. ඔබට පාට මිශ්‍ර කරගෙන නොයෙක් ක්‍රම වලට බෑග් මසා ගන්නත් පුළුවන්. නිමාව අලංකාරව තිබිය යුතුයි.

2 වන ක්‍රමය සඳහා පළල 22” දිග 36”ට කොටස් එකක් කපා ගන්න. 2 ක්‍රමය දැක්වෙන රූප සටහන අනුව පහළින් දෙපසින්ම 2 1/2” × 2 1/2” කොටසක් කපා ඉවත් කර ගන්න. අංශ දෙක මූට්ටු කර ගන්න. පෙර මෙන් මැහුම් වාසි පිටට සිටින සේ මූට්ටු කර පයිපින් පටි අල්ලා ගන්න. මුළු දෙක දිග හැර A සිට B දක්වා කෙළීන් මසා ගන්න. එතැනද පයිපින් කරන්න.

 

2 රූපය බලන්න.
උඩ වාටිය වටේටම මසා ගන්න. පෙර බෑගයට සකස් කරගත් පරිදිම සකස් කර ගත් පටි දෙක අඟල් 4 පමණ බෑගයට හසුවන සේ හොඳින් ශක්තිමත්ව සිටින සේ අල්ලා ගන්න. බෑග් සඳහා අල්ලන පටි වෙළෙඳපොළෙන්ද මිලදී ගත හැකියි.
ඔබට අපහසුවකින් තොරව දිනකට මේ විදියේ බෑග් වැඩිපුර ප්‍රමාණයක් මසා ගන්නට පුළුවන්. ඒ හරහා පහසුවෙන්ම ඒ හරහා හොඳ ආදායමක් ලබා ගන්නත් පුළුවන්.

බණ්ඩාරගම 

එම්.එස්.පී. මැහුම් පාසලේ
මැහුම් සහ අත්කම් පුහුණු උපදේශිකා
මානෙල් ප්‍රේමතිලක – 077921306

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>