TT Ads

නගරයේ ජීවත් වන ඉඩ-කඩ නොමැති ගෘහනියක් වන ඔබට ගෙවත්තක් නැත. නමුත්, එළවළුවක් මල් පැළයක් දෙකක් සිටුවා ගන්නට නොකැමති ගෘහනියක් නැත. එබැවින් අහස ජයගෙන කරන සිරස් වගා ක්‍රම ගැන ඔබට කියා දෙන්නෙමු

01. තාප්පවල වගාව
උණ බට, වැහි පිහිලි, ප්ලාස්ටික් භාජන ආදිය නිර්මාණශීලීව එළවළු වගා කිරීමට යොදා ගත හැකිය. භාජන වෙනුවට පොල්ලෙලි කිහිපයක් එකට තබා ලණුවකින් හෝ කම්බියකින් බැඳ, බඳුනක් සකස් කර ගැනීමට පුළුවන. ලෑලි කැබලි එක්කර රාක්කයක් සාදා වගා කළ හැකිය. මේවා තාප්පයක එල්ලා එම ඉඩ-කඩෙන් අලංකාරයක්ද එක් කරමින් ප්‍රයෝජනයට ගත හැකි වේ.ප්ලාස්ටික් බීම බෝතල් කපා බඳුන් සකස් කරගැනීමට පුළුවන. වගා කළ ප්ලාස්ටික් බෝතල් “මැක්ක්‍රම්” සේ එල්ලිය හැක.

02. වගා කුලුනු
උණ බටයක් හෝ පී.වී.සී. බටයක අඩියක දුරින් සිදුරු විද, එය වටා පොලිසැක් බෑග් (සහල් බෑග්) එකකට එකක් තබා මසා ගැනීමෙන් සහ බඳුන් මිශ්‍රණයක් එයට පුරවා ගැනීමෙන් වගා කුලුනක් සකස් කරගත හැක පසුව, බෑගය වටා සිදුරු අඩියක පමණ පරතරයට විද, පැළ කළ පැළ සිටුවා ගන්න.

03. අබලි භාජනවල වගාව
නිවසින් ඉවත් කරන, අබලි භාජන වන හට්ටි-මුට්ටි, සපත්තු, පෙට්ටි වැනි ඕනෑම භාජනයක් ඔබට වගාවට යොදා ගත හැකිය.

වගාවකට සුදුසු පරිදි භාජන සැකසීම

හොඳින් වතුර බැස යාමට භාජනවල අඩිය සිදුරු කළ යුතුය.
වැලි, මතුපිට පස්, වියළි ගොම පොහොර සමාන ප්‍රමාණයට ගෙන කලවම් කර භාජන පුරවා         ගන්න.
හිරු එළිය පිළිබඳ සැලකිලිමත් වන්න
අවශ්‍ය විට වතුර දමන්න

මෙවන් භාජනවල, තක්කාලි, බටු, මිරිස්, ගෝවා, කැරට්, බීට්රූට් වැනි එළවළු වර්ග ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ වැනි පලා වර්ග වගා කළ හැක. වවන්න ආශාවක් ඇත්නම්, ඉඩමක් නැතත් ඒ අභියෝගය සිතුවොත්, ජය ගත හැකියි නේද?

මාතලේ අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ
හිටපු විෂයානුබද්ධ නිලධාරි (විශේෂ ශ්‍රේණිය)
සරාසඳ ජයකොඩි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>