TT Ads

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

  • තම්බාගත් කුකුළු මස් (කටු රහිත) ග්‍රෑම් 200ක්
  • බී ලූනු ග්‍රෑම් 50ක්
  • සුදු ලූනු බික් 03 හෝ 04ක්
  • බෙල්පෙපර් පාට තුනෙන්ම එක බැගින්
  • ලුණු හා ගම්මිරිස් රස අනුව
  • ෆ්‍රෙන්ච් බ්‍රෙඞ් (French Bread) පෙති 10ක් පමණ
  • චීස් තීරු කිහිපයක් අවශ්‍යනම්

සාදා ගන්නා ආකාරය:-

මුලින්ම භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කර බී ලූනු, සුදු ලූනු, බෙල්පෙපර්, කුකුළු මස්, ලුණු හා ගම්මිරිස් දමා තෙම්පරාදු කර මිශ්‍රණයක් සාදා පසෙකින් තබා ගන්න. ඉන්පසු ෆ්‍රෙන්ච් බ්‍රෙඞ් පෙති කපා ඒවාට බටර් ආලේප කර කලින් සාදාගත් කුකුළුමස් මිශ්‍රණයෙන් අවශ්‍ය පමණ උඩින් අතුරා ගන්න. මෙයට අවශ්‍යනම් උඩින් චීස් තීරුවලින් සරසා ගන්න. මෙය සෙල්සියස් අංශක 70ක උෂ්ණත්වයේ විනාඩි 03ක් පමණ බේක් කරන්න.

ප්‍රවීණ සූපවේදී – කෙනත් ක්‍රිෂාන්ත

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>