TT Ads

ගෙදර රසම මොහොත පවුලේ කට්ටිය එකතු වෙලා තේ බොන වෙලාව. වැඩිහිටියන් වගේම පොඞ්ඩොත් සවස තුන, හතර වෙනකම් ඇඟිලි ගනින්නේ අන්න ඒ නිසා. තේ වෙලාවට කන්න චොකලට් මඩ් කේක් හදමු.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • වතුර මිලි ලීටර් 375ක්
  • සීනි ග්‍රෑම් 600ක්
  • බටර් ග්‍රෑම් 375ක්
  • ඩාර්ක් චොකලට් ග්‍රෑම් 300ක්
  • පිටි ග්‍රෑම් 375ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2ක්
  • කොකෝ පවුඩර් ග්‍රෑම් 30ක්
  • බිත්තර 04ක්
  • කොෆි සිරප් කෝප්ප 1/2ක්
  • එළවළු තෙල් කෝප්ප 1/2ක්

සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට වතුර, සීනි, බටර් සහ ඩාර්ක් චොකලට් දමා හොඳින් දිය වන තුරු මද ගින්නේ හැඳි ගාන්න. ඉන්පසු ළිපෙහි ගින්දර නිවා බිත්තර එකින් එක එකතු කර හොඳින් කලවම් කරගන්න. මේ මිශ්‍රණය පසෙකින් තබා පාන් පිටි, බේකින් පවුඩර්, කොකෝවා පවුඩර් එකට පෙනේරයකින් හලා එයත් හොඳින් මිශ්‍ර කරන්න. අවසානයේ කොෆි සිරප් එක හා එළවළු තෙල් දමා කලවම් කර සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයේ විනාඩි 40ක් 45ක් බේක් කර ගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී අකිල ඉෂාන් රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>