TT Ads

මේ කාලේ පළතුරු බහුලයි. ඒවා ගස් යට වැටිලා අපතේ යනවාට වඩා ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නට හැකිනම් හුඟක් හොඳයි. ඒ පළතුරු වලින් ජෑම් නිෂ්පාදනය කිරීම එවැනි එක් ක්‍රමයක්. මේ කියාදෙන්නට සූදානම්වන්නේ ජම්බු ජෑම් සාදන ආකාරයයි.. චෙරි රසට ටිකක් කිට්ටු රසයක් තිබෙන ජම්බු ජෑම් ගෙදර හදාගන්න එතරම් අපහසු නෑ … කැමති අය හදලා බලන්න .

අවශ්‍ය ද්‍රව්‍ය ..

හොඳින් සෝදා කැබැලි කරගත් ජම්බු කිලෝ 2ක් පමණ
සීනි කෝප්ප 1 1/2
කුරුඳු කැබැල්ලක්
ලුනු ස්වල්පයක්
අවර්ණ ජෙලටින් මේස හැන්දක්

සීනි , ජම්බු, ලුනු , කුරුඳු එකතු කර සාමාන්‍ය ගින්දරෙන් පිස ගන්න . ජම්බු වල වතුර තියෙන නිසා මේකට වතුර එකතු කරන්නේ නැහැ.. මේ මිශ්‍රණය වහලා තැම්බුනාම ජම්බු හොඳින් තැම්බෙනවා.. හොඳින් තැම්බුනාම ලිප නිවලා ජෙලටින් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න . ඉන්පසු හොඳටම නිවෙන්න හරින්න. පසුව බෝතල් කර ශීතකරණයේ තබන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>