TT Ads

 

කාන්තාවක් නම් ඉරුණු ඇඳුමක් මහ ගන්නත් පිරිමියෙක් නම් ටයි එක තනියම පැළඳ ගන්නත් පුළුවන් වෙන්න  ඕනෙ කියලා කතාවක් තියනවා. ටයි එක තනියම පැළඳ ගන්න බැරි ඔබ දන්නා හඳුනන පිරිමි කෙනෙක් ඉන්නවා නම් මේ ලිපිය කියවන්න දෙන එක ඉතාම වටිනවා. සාමාන්‍යයෙන් බොහෝ අය ටයි එකක් පළඳින්නේ වැදගත්කමක් පෙන්නන්න වුණත් ඇත්තටම ටයි එකක් පළඳින්නේ අධික ශීතල රටවල ජීවත් වෙද්දි බෙල්ලට දැනෙන ශීතලෙන් මිදෙන්න කමිස කොලරය බෙල්ලට තද කර ගන්න පහසු වෙන්නයි.

යුරෝපාකරයේ ටයි ගැට දැමීමේ සම්මත ක‍්‍රම 18 ක් තිබෙනවා. ඉන් ප‍්‍රධාන ගැට 6 ක් තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ.

1.The Simple Knot (Oriental Knot)

මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පාසල් ටයි ගැටය විදියටයි. මේකට අපි සාමාන්‍ය ව්‍යවහාරයෙදි කියන්නේ ගැහැණු ටයි ගැටේ කියලා. මේ විදියට ටයි එක පැළඳුවාම ගැටය ඉංග‍්‍රීසි වී අකුරේ හැඩයට නිම වෙලා තියෙන්න  ඕනෙ. ඒ වගේම ටයි ගැටය ළගින් පුංචි රැුල්ලක් තියෙන්නත්  ඕනෙ.

2. Christensen Knot

නම එචච්ර හුරු නැති වුණාට මේ ටයි ගැටය තරුණ පිරිමි ළමයි අතර ප‍්‍රසිද්ධයි. යුරෝපා රටවල නම් ව්‍යාපාරිකයන් තමයි මේ ටයි ගැටය වැඩිපුර පාවිච්චි කරන්නේ. හරියට පුරුදු වුණේ නැත්නම් මේ ටයි ගැටය දැමීම ටිකක් අපහසුයි.

3.Trinity Knot

ටි‍්‍රනිටි ටයි ගැටය යුරෝපයේ වෙනමම සංස්කෘතියක් කියලා කිව්වොත් නිවැරදියි. මෙය නිතරම පළඳින ආකාරයේ ටයි ගැටයක් නෙවෙයි. ඒ වගේම සමහර අවස්ථාවල විවිධ සංගම්වල හෝ සමිතිවල රැස්වීම් පවත්වද්දි තේමාවක් විදියට ටි‍්‍රනිටි ටයි ගැටය යෙදූ ටයි එකකින් සැරසිලා එන්න කියලා දැනුම් දෙනවා. අපේ රටේ නම් මෙය උත්සව අවස්ථාවල පළඳිනවා දකින්න පුළුවන්.

4. Eldredge Knot

එල්ඩ‍්‍රජ් ටයි ගැටය අපේ රටේ උත්සව අවස්ථාවලදි දකින්න පුළුවන් වුණත් ඇත්තටම මේ ටයි ගැටය පළඳින්නේ ශාස්ත‍්‍රීය සාකච්ඡුාවලදි. මේ ටයි ගැටය නිර්මාණය කරලා තියෙන්නේ 2007 අවුරුද්දේ ජෙෆ්රි එල්ඩ‍්‍රජ් කියලා කෙනෙක්. ඔහු ශාස්ත‍්‍රීය විද්වතෙක් විදියටයි ප‍්‍රසිද්ධ වෙලා හිටියේ. ඔහුට කරන ගෞරවයක් විදියට මෙය ඔහුගේ නමින් නම් කරලා තියනවා.

 

5. Victoria Knot

යුරෝපයේ රාජකීයයන් සාම්ප‍්‍රදායික උත්සවවලට සහභාගි වෙද්දි පාවිච්චි කරන ටයි ගැටය තමයි වික්ටෝරියා නොට් එක. හොඳින් පුරුදු වුණාම මේ ටයි ගැටය ගසන්න ගත වෙන්නේ තත්පර හයක් විතරයි. වයස අවුරුදු හය වෙද්දි යුරෝපයේ රාජකීය පවුල්වල පිරිමි ළමුන් මෙම ටයි ගැටය ගසන්න පුරුදු වී තිබිය යුතු වෙනවා.

 

6. Windsor Knot

මේ ටයි ගැටය යුරෝපයට වඩා ප‍්‍රසිද්ධ වෙලා තියෙන්නේ අපේ රටේ කිව්වොත් හරි. සාමාන්‍යයෙන් අපේ රටේ බොහොමයක් පිරිමි අය නිතරම පාවිච්චි කරන්නේ වින්ඞ්සර් ටයි ගැටයි. එය ගැට තුනකින් යුතු එකක්. වින්ඞ්සර් ටයි ගැටය කොටස් දෙකකින් යුතු වෙනවා. Half windsor Knot සහ Full windsor Knot කියලා. නමුත් මේ දෙකේ ලොකු වෙනසක් නැහැ.

 

දුලංජලී මුතුවාඩිගේ

 

 

 

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>