TT Ads

 

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ඩෙල් ටෙක්නොලොජීස්හි වාණිජ බෙදාහරින්නා ලෙසින් පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් දැනුම් දුන්නේය. ජාලගත අලෙවියේ සිංගර් ශක්තිය  විදහා දක්වමින් රටපුරා වන  සිංගර් අලෙවි නියෝජිතයින්ද ඉදිරියේ එම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදී නවතම ඩෙල් නිෂ්පාදන පිළිබඳව මෙන්ම සිංගර් හා ඩෙල් බැඳීම අළලා වන  දීර්ඝ කාලීන ඉලක්කයන් පිළිබඳවද දෙපාර්ශවයේ දැක්ම අවධාරණය කෙරිණි.

ඊට අමතරව‍ සිංගර්, ඩෙල් පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් මහා පරිමාණ අලෙවිකරු සහ බෙදාහරින්නා ලෙසින් සම්බන්ධතාවය ඇරඹීය. 2018 හා 2019 වසර සඳහා හොඳම පාරිභෝගික භාණ්ඩ බෙදාහරින්නා වශයෙන් ඩෙල් ටෙක්නොලොජීස් අලෙවි සහකරු සම්මාන උළෙලේදී සම්මාන හිමිවුණු අලෙවි ප්‍රචාරණ වැඩපිළිවෙලකද නිරත විණි.  ස්වකීය අලෙවි හැකියාව ප්‍රදර්ශනය කරමින් සිංගර් ප්‍රමුඛ බලකාය, පෙරට විත් තිබෙන්නේ, ඩෙල් පරිගණකවල පටන් ටැබ්, ජංගම දුරකතන හා අනෙකුක් උපාංගවලින් සමන්විත විවිධ මාදිලියේ තාක්ෂණික උපකරණ පෙළක්ම රැගෙනය.

අලුත් සම්බන්ධතාව සමගින් 9 වැනි පරම්පරාවේ ඩෙල් ඩෙස්ක්ටොප් පරිගණක හඳුන්වාදීමේ කාර්යයේ ප්‍රථමයා වීම පිළිබඳ සාඩම්බර වන සිංගර්, ඩෙල් වෙතින් ගෙන එන නිෂ්පාදන වන නෝට්බුක් පරිගණකවල පටන් ඩෙක්ස්ටොප් පරිගණක  දක්වා ද අනෙකුත් ඩෙල් නිෂ්පාදනද බෙදා හැරීමට අදහස් කරයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>