TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩා රත්පැහැ තක්කාලි ග්‍රෑම් 100
  • (ගොරකා තක්කාලි)
  • රතු ලූනු ග්‍රෑම් 100
  • කුඩා ඉඟුරු කැබැල්ලක්
  • සුදු ලූනු බික් 3-4ක්
  • උම්බලකඩ කුඩු ග්‍රෑම් 25ක්
  • කොත්තමල්ලි කොළ ඉත්තක්
  • කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/4
  • පොල්තෙල් මේස හැඳි 1
  • කරපිංචා කිනිත්තක්
  • රම්පේ කැබැල්ලක්
  • ලුණු රසට අනුව

 

සාදන ආකාරය

තක්කාලි කුඩාවට කපා පසෙකින් තබන්න. දැන් සුදු ලූනු, ඉඟුරු, රතු ලූනු, කොත්තමල්ලි කොළ ඉතා සිහින්ව කපාගන්න. තෙල් ටිකක් ළිප තබා රත්වන විට, සුදු ලූනු, රතු ලූනු, කරපිංචා, රම්පේ දා බැදෙන්නට හරින්න.

බැදීගෙන එන විට උම්බලකඩ, තක්කාලි, කොත්තමල්ලි කුඩු, ලුණු දමා කලවම් කරන්න. වතුර අඬුකෝප්ප 5ක් පමණ දමන්න. හොඳින් තැම්බෙන්නට හරින්න. මෙය කෑම අරුචියෙන් පෙළෙන විට, රෝගී වී කෑම අප්පිරියාවකින් පෙළෙන විට ගුණදායකයි.

 

උපදෙස් –  කොළඹ 10, සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ ප්‍රධාන විධායක සූපවේදී විමල් නාගොඩවිතාන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>