TT Ads

ගැහැනු සහ පිරිමි අය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ශාරීරික වශයෙන් කියලයි අපි දන්නේ. ශාරීරිකව විතරක් නෙවෙයි ගැහැනු සහ පිරිමි මානසික වශයෙනුත් බොහොම වෙනස් කියලා කැලිෆෝනියාවේ ක්ලෙමන්ට් මැකෙනා විද්‍යාලයේ මනෝ විද්‍යාඥ ඩයත් හෙල්පර්න් කියනවා. ඔහු එහෙම කියන්නෙ ගැහැනු පිරිමි දෙදහසක් විතර යොදා ගෙන සිදු කරපු පර්යේෂණයකින් පසුවයි.

 

1. කාර්යක්ෂමතාව

ඔහු කියන විදියට ගැහැනු අය සහ පිරිමි අය හිතන්නේ වෙනස් විදියට. ඒ කියන්නේ පිරිමි අය පටු විදියට හිතන දේවල් ගැහැනු අය පුළුල්ව හිතනවා. ඒ ගැන ඔහු ගෙන ඇති උදාහරණයක් තමයි යම් පුද්ගලයෙකුගේ සිරුරේ ප්‍රමාණය සහ කට හfඬ් සැරපරුෂ බව. උස මහත, රළු කට හඬක් තියෙන අය කාර්යක්ෂමයි කියලා තමයි පිරිමි අයට හිතෙන්නේ. උස මහතින් අඩු සාමාන්‍ය කට හඬක් තියෙන අය ඒ තරම්ම කාර්යක්ෂම නැහැ කියලා ඔවුන් විශ්වාස කරනවා. නමුත් ගැහැනු අය එහෙම නෙවෙයි. සිරුරේ ප්‍රමාණයෙන් හෝ කට හඬින් කිසිම කෙනෙකුගේ කාර්යක්ෂම බව මනින්න බැහැ කියනෙක ගැහැනු අය ස්ථිර වශයෙන්ම පිළිගන්නවා.

2. හැඟීම් දැනවීම

කනගාටුදායක සිදුවීමක් සිදුවෙලා අවුරුදු 10ක් ගත වුණාට පස්සෙත් ඒ ගැන සිතලා දුක් වෙන්නත් අද වෙච්ච දෙයක් වගේ අඬන්නත් ගැහැනු අයට පුළුවන්. නමුත් පිරිමි අය එහෙම නැහැ. ඒ කනගාටුදායක සිදුවීම සිදුවෙලා පැයක් දෙකක් යද්දී ඔවුන් තමන්ගේ හැඟීම් පිටවීම පාලනය කර ගන්නවා. ඊට පස්සෙ සිත තද කරගෙන ඉන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම පිරිමි අය සැරෙන් සැරේ ඒ ගැන හිත හිත අඬන්නේ වැළපෙන්නේ නැහැ.

3. වර්ණ හඳුනා ගැනීම

පිරිමි අයට වඩා ගැහැනු අයට වර්ණ හඳුනා ගැනීමේ වැඩි ඉවක් තියෙනවා. පිරිමි කෙනෙක් නිල් පාට කියලා කිව්වත් ගැහැනු කෙනෙක් මෙහෙම අහනවා. ඔයා කියන්නෙ ලයිට් බ්ලූ, ඩාක් බ්ලූ, නේවි බ්ලූ, ස්කයි බ්ලූ, ෂුගර් බ්ලූ, ඉනසන්ම් බ්ලූ වලින් කොයි නිල් පාට ගැනද? එහෙම ඇහුවම පිරිමි අයගේ ඇස් දෙක ලොකු වෙනවා. මේ නිල් වර්ණයේ ප්‍රභේද හරියට හඳුනා ගන්න පිරිමි අයට බැහැ.

4. කෙටි නින්ද

පිරිමි අයට කෙටි නින්දකින් පවා තෘප්තිමත් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ ලොකු නිදිමතක් තියෙන වෙලාවට ඔවුන් විනාඩි 10ක් 15ක් වෙලාව අරගෙන හොඳින් නිදා ගන්නවා. ඊට පස්සේ නැවතත් බොහොම තෘප්තියෙන් කාර්යක්ෂමව වැඩ කටයුතුවල නිරත වෙනවා. නමුත් ගැහැනු අයට එහෙම බැහැ. ඔවුන්ට පැයක දෙකක හොඳ නින්දක් මිස කෙටි නින්දකින් සෑහීමකට පත් වෙන්න බැහැ.

5. රාත්‍රී ආලෝකය

පිරිමි අයට රාත්‍රියේ නිදා ගන්න පුංචි ආලෝකයක් හෝ තීබිම අවශ්‍යයි. ඔවුන්ට සම්පූර්ණයෙන්ම අඳුරේ නිදා ගන්න බැහැ. අඩුම තරමින් නිදා ගත්තට පස්සෙ යාන්තමින් හෝ වටා පිටාව පෙනෙන්න ඕනෙ. නමුත් ගැහැනු අය කැමති තද අඳුරේ නිදා ගන්න. ඇස් දෙක ඇරියට පස්සෙත් තනිකරම අඳුර විතරක් තියෙන ස්ථානයක නිදා ගන්න ඔවුන් වැඩිපුරම කැමැත්තක් දක්වනවා.

6. ආයු කාලය

එකම වයසෙදි පිරිමි අයට වඩා වැඩියෙන් වියපත් බවක් පෙන්වන්නේ ගැහැනු අය. ශක්තිමත් බව අඩු වීම, සිරුරේ අපහසුතා ඇතිවීම වගේ කාරණාවලට වැඩිපුරම ගොදුරු වෙන්නේ ගැහැනු අය. පිරිමි අය වියපත් ලක්ෂණ පෙන්වීම ඉතාම අඩුයි. නමුත් මේ දෙපිරිස අතරින් වැඩිආයු කාලයක් තිබෙන්නේ ගැහැනු අයට. ගැහැනු අයගේ සිරුරේ ශක්තිමත් බව අඩු වුණත් ඔවුන්ගේ සිතේ ශක්තිමත් බව අඩු වෙන්නේ නැහැ. ඒ නිසා දිගු කාලයක් ජීවත් වෙනවා.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>