TT Ads

 

විදෙස් රටකට ගොස් වැඩිදුර අධ්‍යාපනය හදාරා උසස් රැකියාවක නිරත වීම අද කාලයේ බොහෝ තරුණ තරුණියන් දකින සිහිනයකි. කෙසේවුවද ඒ බොහෝ දෙනා ළතැවෙන්නේ තමන්ට එම සිහිනය සැබෑ කර ගැනීම සඳහා විශ්වාසවන්ත මාර්ගයක් නොමැතිවීම නිසාය. විදෙස් රටකට ගොස් උසස් අධ්‍යාපනය ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට සිහින දකින ඒ සැමට දැන් Consolidated Academic Lanka (Pvt) Ltd වෙතින් විශ්වාසදායී විසඳුමක් හඳුන්වා දී තිබේ.
ලෝකයේ රටවල් රැසක ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සහ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන Consolidated Academic Lanka පෞද්ගලික සමාගම එම අධ්‍යාපන ආයතන හරහා මෙරට තරුණ තරුණියන්ට අඩු වියදමකින් උසස් අධ්‍යාපනය ලබා ජීවන මගේ ඉහළටම යෑම සඳහා පහසුකම සපයයි. දකුණු කොරියාවේ අධ්‍යාපන අවස්ථා මේ අතරින් ප්‍රධාන වේ.
මේ සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වන්නේ වයස අවුරුදු 18-30 අතර වීම, අ.පො.ස. උසස් පෙළට පෙනී සිටීම සහ වෛද්‍ය පරීක්ෂණයකින් සමත්වීමය. මෙහිදී පළමුව දකුණු කොරියාව වෙත ගොස් එහිදී කොරියානු භාෂාව හදාරා, ඉන් අනතුරුව එහි ඇති කාර්මික විද්‍යාලයකින් වෘත්තීය පාඨමාලාවක් හෝ විශ්වවිද්‍යාලයකින් තමන්ට ගැළපෙන උපාධි (වෛද, ඉංජිනේරු, කලා ආදී) පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව හිමිවේ. අනතුරුව කොරියාවේ උසස් රැකියාවක් ලබාගෙන කැමති කාලයක් සේවය කර ස්ථිර පදිංචිය ලබා ගැනීමේ අවස්ථාවද උදාවේ. මෙහිදී එරට පුරවැසියන්ට හිමි වරප්‍රසාද සහිත පිළිගත් රැකියාවක නිරත වීමේ අවස්ථාව උදාවීම විශේෂත්වයකි.
කොරියන් භාෂා පාඨමාලාව සහ වෘත්තීය පාඨමාලාව හෝ විශ්වවිද්‍යාල පාඨමාලාව හදාරන කාලය තුළ අර්ධකාලීන රැකියාවක නිරතවීමටද නීත්‍යානුකූලව අවස්ථා හිමිවේ. එහිදී එවැනි රැකියා සොයා ගැනීමට අදාළ කොරියානු පාසල්වල ගුරු මණ්ඩලයේ සහයෝගය නිරතුරුව ලැබෙන අතර, වෘත්තීය පාඨමාලාවක් තෝරා ගැනීමේදී සහ කාර්මික විද්‍යාලයක් හෝ විශ්වවිද්‍යාලයක් තෝරා ගනීමේදීද එම ගුරු මණ්ඩලයේ නිබඳ සහයෝගය සිසු සිසුවියන්ට හිමිය. එපමණක් නොව එහි නැවතීමේ පහසුකම්ද සපයා ගත හැකිය.
දකුණු කොරියාවේ අධ්‍යාපනය ලෝකයේ සෙසු ප්‍රධාන පෙළේ බොහෝ රටවලට (කැනඩාව, ඇමෙරිකාව, ඕස්ටේ්‍රලියාව) වඩා ඉහළ තත්ත්වයක පවතින බව ලෝප්‍රකට පියර්සන් වාර්තාවන්ද හඳුන්වා දී ඇත. මෙම සිසු සිසුවියන්ට කොරියාවේ රජය මගින් පවත්වන අධ්‍යාපන ආයතනයේ පාඨමාලා ගාස්තුව තමන් විසින්ම බැංකු
මාර්ගයෙන් ගෙවා කොරියන් භාෂාව සහ අනතුරුව කාර්මික විද්‍යාල පාඨමාලාව කොරියාවේදී හැදෑරීමට අවස්ථාව සලසා ගත හැකි අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවේ බැංකු හෝ මූල්‍ය ආයතන මගින් ණය පහසුකම් ලබා ගැනීමට අවකාශ සලසා ඇති බව Consolidated Academic Lanka (Pvt) Ltd සතුටින් දන්වා සිටියි.
0112890692 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය. 22-ඊ, පළමු මහළ, දුම්රියපොළ පටුමග, නුගේගොඩ යන්න Consolidated Academic Lanka ලිපිනයයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>