TT Ads

මෙය පපුව 33″ ඉණ 27″ ප්‍රමාණය සකසා ඇත. පතරොම 15%කින්. පොටෝ කොපි මගින් විශාල කරගන්න පතරොම් වෙනම පිටපත් කරගන්න.

ඉදිරි පලුව නැම්මට තබා අංශයට, අඟල් 1ක්ද වටේට අඟල් 1/2 බැගින්ද තබා කපා ගන්න.
පිටුපස පලුව අංශයට අඟල් 1ක්ද වටේට අඟල් 1/2 බැගින්ද තබා කොටස් 2ක් කපා ගන්න. ප්ලෙයාර්ඞ් සාය පෙන්නා දී ඇති පරිදි කපා ගන්න. උරහිස් පටිය අඟල් 1’‘ පළලට සිටින සේ මසා හරවා ගන්න. දිග අඟල් 11ට ගන්න.

කුඩා රූප සටහන් අනුව (AA) ඉදිරි – පසු පලු වලටද ෆේසිම කපා සේපර් ස්ටිප් අලවා ගන්න. පෙර පසු පලුවල නියමිත ස්ථානවලට උර පටිය අඟල් 1 ඇතුළට තබා ෆේසිම අල්ලා ගන්න (C) ඩාට් මසා ගන්න. සාය කොටස් අල්ලා පිටුපස පලුවට A රූපයේ පරිදි Invisible zip Fastener එකක් අල්ලා ගන්න. සාමාන්‍ය ෂිප් එකක් වුවද කමක් නැත.

දෙපස මූට්ටු කරන්න. වාටිය මසා ගන්න. ඉදිරි පලුවට කප් දෙකක් අල්ලා අවසන් කරන්න. උරහිස් පටි දිගට ගෙන ගැට ගසා ගැනීමටද හැක.

 

බණ්ඩාරගම – එම්.එස්.පී. මැහුම් පාසලේ උපදේශිකා ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම ඩිප්ලෝමාධාරිනී මානෙල් ප්‍රේමතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>