TT Ads

ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් දරුවන්ගේ ආරක්ෂාව සඳහා උසස් විශේෂාංග රාශියක් සමග විශේෂයෙන් නිර්මාණය කරන ලද උපාංගයක් වන ‘සුරක්ෂා’ හඳුන්වා දෙන ලදී. මෙය, දෙමව්පියන්ට තම දරුවන් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් සොයා ගැනීමට හා සම්බන්ධ කර ගැනීමට හැකි අග‍්‍රගණ්‍ය විසඳුමකි.

සෑම විටම තම ආදරණීය දරුවන් සමග සම්බන්ධව සිටීමට සහ ඔවුන් සිටින ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට කැමති දෙමව්පියන්ට, ඩයලොග් ‘සුරක්ෂා’ ජංගම ආරක්ෂක උපාංගය හරහා ඕනෑම අවස්ථාවකදී තම දරුවන් සිටින ස්ථානය ඉතා ඉක්මනින් දැනගත හැක. එය දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම දෙමව්පියන්ගේ සිතේ නිදහස ද සහතික කරන අපූර්ව උපාංගයකි.

‘සුරක්ෂා’ ජංගම උපාංගය භාවිතයට පහසු විශේෂාංග සහිතව නිර්මාණය කර ඇති අතර, එය දරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින් පහසුවෙන් භාවිතා කළ හැකි Speed Dial අංක 4කින් සමන්විත යි. ස්මාර්ට්  SOS හෙවත් SOS බොත්තම තද කළ විට අංක 4ක් වෙත පිළිතුරු දෙන තෙක් අඛණ්ඩව ඇමතුම් යැවීම,  GPහරහා දරුවා සිටින ස්ථානය බලා ගැනීම, අනුමත කරන ලද ප‍්‍රදේශයෙන් බැහැර වුවහොත් ඒ බව දැනගත හැකි වීම, උපාංගයේ බැටරි බලය අඩු වූ විට එය දෙමව්පියන්ට දැනුම්දීම, අනුමත කරන ලද අය සමග පමණක් ඇමතුම් ගැනීමට හා ඇමතුම් ලබා ගැනීමේ හැකියාව, ඇතුළු උසස් විශේෂාංග වලින් පිරී තිබේ. එසේම, දෙමව්පියන්ට මෙම උපාංගය තම  Amber 360 app එක හරහා පාලනය කිරීමට සහ අක‍්‍රිය කිරීමට පවා හැකියාව තිබේ.

මෙම උපාංගයේ මූලික කාර්යය වන්නේ තනි බොත්තමක් හරහා දෙමව්පියන් සමග සන්නිවේදනය කළ හැකි සුවිශේෂී සේවාවක් සැපයීමත්, දෙමව්පියන්ට ඕනෑම වේලාවක – ඕනෑම තැනක සිට app එකක් හරහා තම දරුවා පහසුවෙන් සොයා ගැනීමට අවස්ථාව ලබා දීමයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>