TT Ads

දරුවන්ගේ ආරක්ෂාවට ඔවුන්ට ජංගම දුරකතනයක් අරන් දෙන්න දෙමාපියන් උත්සුක වුනත්, අනෙක් අතට එ් දුරකතනයම ඔවුන්ගේ අනාරක්ෂාවටත් හේතු විය හැකි සිදුවීම් අපට අසන්නට දකින්නට ලැබෙනවා. මේ නිසා දරුවන් සමග නිතර කතා බහ කළ හැකි නමුත් අනාරක්ෂිත ක‍්‍රියාවන් කළ නොහැකි ආකාරයේ ජංගම දුරකතනයක් දැන් නිපදවා තිබෙනවා. Republic Wireless Relay Alternative Kids Phone නමින් මෙය හදුන්වනවා. මේ දුරකතනය ඔස්සේ සිදු කළ හැක්කේ කතා බහ කිරිම පමණක් නිසා දුරකතනය ඔස්සේ සිදු කළ හැකි අනවශ්‍ය ක‍්‍රියාකරම්වලට ඔවුන් යොමු වීම වැළකෙනවා. මෙහි ඇත්තේ එක් බොත්තමක් පමණයි. කතා කරන්නටත්, එන ඇමතුමක් ලබා ගන්නටත් භාවිත කළ යුත්තේ එම බොත්තමයි. දැනට පවතින ඕනෑම ජංගම දුරකතන ජාලයක් ඔස්සේ මෙයට සම්බන්ධතාව ලබා ගත හැකියි. ජංගම දුරකතනයක් වුවත්, ක‍්‍රියාකාරීත්වය වෝකි ටෝකි එකකට බොහෝ දුරට සමානයි. මෙහි ජීපීඑස් පහසුකම ද පවතින නිසා ඔබේ දරුවා සිටින ස්ථානය ද පහසුවෙන්ම දැනගන්නට මෙය ඔස්සේ හැකියාව තිබෙනවා. ඇමරිකානු ඩොලර් 99ක් හෙවත් රුපියල් 17,963 ක් වන මෙය https://relaygo.com  යන වෙබ් අඩවිය ඇතුළු තවත් බොහෝ අන්තර්ජාල සාප්පුවලින් මිලට ගන්නට පුළුවන්.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>