TT Ads

මවක් වන්නට පෙරුම් පුරන සෑම රැජිනියක්ම දැනුවත් කරන්නට සිරි යහනෙන් – තිඹිරි ගෙයට

ලංකාවේ වඩාත් සාර්ථකව දරු ඵල පමාවට ප්‍රතිකාර කරන ෆර්ට් ඒඞ් වෙතින් පිදෙන තිළිණයකි.

අද දරුවන් හදන්න හොඳ වයස ගැන කතා කරමු

 

වයස්ගතව දරුවන් හැදූ කාන්තාවකගේ කතාවට පළමුව සවන් දෙමු

ස්වර්ණමාලී ආරියවංශ ගොනාගොල්ල, අම්පාර

නොයෙක් පෞද්ගලික කාරණා නිසා මගේ විවාහය හුඟක් පරක්කු වුණා. මම බැන්දේ වයස 42දී. මම හුඟක් බයෙන් හිටියේ මගේම කියලා දරුවෙක් හදාගන්න බැරි වේදෝ කියලා. ප්‍රතිකාර ගන්න ගියාම සමහර වෛද්‍යවරු මේ වයසේදී දරුවන් හදන්න බැහැ කියලත් කිව්වා. ෆර්ට් ඒඞ් ආයතනයට පින් සිද්ධ වෙන්න ලොකු පරිශ්‍රමයක් දරලයි බබෙක් හදාගත්තේ.

 

  • වයසට යනකොට දරුඵල අඩු වෙලා යන්නේ ඇයි ?

රත්නපුර ගොඩකවෙල විශාඛා දමයන්ති / හම්බන්තොට මිරිජ්ජවිල වාසනා උපමාලි / කැබතිගොල්ලේ ඒ.එම්.මුදිතලතා

කිසිම කාන්තාවක් තම ජීවිත කාලය තුළ අලුත් බීජ හදන්නේ නැහැ. ජීවිත කාලය පුරාවටම පිට කරන බීජ සියල්ලම ඇය උපදින කොටම තම ඩිම්බ කෝෂ යුගලයේ තැන්පත් කර ගෙන මෙලොව එළිය දකිනවා. වැඩිවිය පැමිණෙන තුරු ඩිම්බ කෝෂවල නිසසලව කල් ගෙවන මෙම බීජ වැඩි විය පැමිණිලා හෝමෝන ස්‍රාවය පටන් ගත්තම ඒ බලපෑම නතුව මාසයෙන් මාසය එකින් එක මෝරා පිට වෙන්නට පටන් ගන්නවා.

ළාබාල වයසේදී මේ විදිහට පිට වෙලා යන්නේ වඩාත් සරු බීජ. වයස්ගත වෙන්න වෙන්න ඩිම්බ කෝෂවල ඉතිරි වෙන්නේ සරු බවෙන් අඩු බීජ. මාසයෙන් මාසය පිටවෙලා යන නිසා ඩිම්බකෝෂවල ඉතිරි වන බීජ සංඛ්‍යාවද ක්‍රමයෙන් අඩු වෙනවා.
බීජ සංඛ්‍යාවත් අඩු වෙලා ඉතිරිවන බීජවල සරු බවත් අඩු වෙන නිසා කාන්තාවගේ දරුඵල හැදීමේ හැකියාව ඇය වයසට යනකොට ඉබේම අඩු වෙනවා.

ඒ වගේම ඒ ඉතිරිවන බීජ කාන්තාවගේ වයස තරමටම කාලයක් ඩිම්බ කෝෂවල කල්ගත කර පරණ වූ බීජ බවත් ඔබ මතක තියා ගන්න ඕන.

ඒ විතරක් නෙවි වයසට යාමත් සමග හෝමෝන ස්‍රාවයත් අඩුවෙන නිසා ගැබ්ගෙල ස්‍රාවයන්ද බාල වෙනවා. අඩු වයස්වලදී ශුක්‍රාණුවට පහසුවෙන් පසාරු කරගෙන ලිස්සා යා හැකි ලෙස බිත්තර සුදු මදය වගේ තුනීව පැවැති ගැබ්ගෙල ස්‍රාවයන් දැන් දැන් වයසට යන විට වඩවඩාත් ඝන වෙලා ඩිම්බය හමුවීමේ ගමන් මග වළකිනවා.

මේ හේතු සියල්ලම නිසා වයසට යන කොට බබෙකු ලබන්න ඇති හැකියාව බාලවෙනවා.

පෞද්ගලික ජීවිතයේ මොන මොන හේතු තිබුණත් දරුවන් හදන්න කල්ගත නොකර අඩු තරමින් වයස අවුරුදු 35 ගත වෙන්නට පෙරවත් දරු පවුල සම්පූර්ණ කර ගන්න අපි උපදෙස් දෙන්නේ ඒ නිසයි.

 

  • දැනටමත් වයස්ගත වී ඇති නිසා අපිට දරුවන් නැතිව යාවිද?

 

තංගල්ලේ, මහවෙල පාරේ, ස්වර්ණා සුදර්ශණී / කලවානේ, රත්නලතා සුමනසූරිය

 

ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගන්නට එපා. වයස 35 පැන්නත් ඉන් 70%ක් පමණ දෙනා වැඩි කරදරයක් නැතුව දරුවන් ලබනවා. 40ට පස්සෙත් 40% කට පමණ මඳක් කල්ගත වී හෝ දරුවන් ලැබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඉතිරි වන කොටසට පමණයි. ස්වාභාවිකව දරුඵල පිළිසිඳ ගන්නා තත්ත්වයක් නොවේ නම් ක්‍ෂේත්‍රයේ නිපුන වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීමෙන් දරුඵල ලබා ගන්නට පුළුවන්.

 

  • බියට පත්වී ඇති මට සාමාන්‍ය විදිහට දරුවෙකු පිළිසිඳ ගන්න පුළුවන්ද? නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ඕනවෙනවද කියලා දැන ගන්නේ කොහොමද?

 

හලාවත බිංගිරියේ, පද්මා ලක්‍ෂිකා

 

මුලදී සාමාන්‍ය විදිහට උත්සහ කරලා බලන්න. එසේ නොවේ නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ඔබේ වයස අවුරුදු 35ට අඩු නම් අවුරුද්දක් පමණ ගතවෙලත් දරුඵල නැත්නම් හෝ 35-40 අතර නම් හය මාසයකට පසුව වෛද්‍යවරයෙකු හමුවිය යුතු බව පිළිගත් මතයයි. වයස අවුරුදු 40ට වැඩි නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීම නුවණට හුරුයි.

 

  • කාන්තාවකගේ සරු භාවයේ තරම හා ඇයට ප්‍රතිකාර අවශ්‍ය මට්ටම වෛද්‍යවරු හඳුනාගන්නේ කොහොමද?

 

වැල්ලම්පිටියේ ශවීන්ද්‍රා වර්ණසිංහ

කාන්තාවගේ සරු භාවය තීරණය වන සාධක අතුරින් වයස මත කෙළින්ම තීරණය වන හේතු දෙකකි.

ඇයගේ ඩිම්බ මේරීමට දායක වන හෝමෝන ස්‍රාවයේ අඩුවැඩි බව ඉන් පළමු වැන්නයි. දෙවැන්න පිළිසිඳ ගැනීමකට අවශ්‍ය තරම් නිරෝගී බව ඇති ඩිම්බ, ඩිම්බ කෝෂවල කොපමණ ඉතිරිව ඇතිද යන වගයි.

ඇත්තටම කියනවා නම් මේ කරුණු දෙකම එකිනෙක මත යැපෙන කරුණු දෙකක්. සරු ඩිම්බවල ඇති නැති බව මත ඇගේ හෝමෝ ස්‍රාවය තීරණය වන අතර, හෝමෝන ස්‍රාවයේ ප්‍රමාණය මත එම ඩිම්බ මේරීම පාලනය වෙනවා.

මේ අනුව කාන්තාවකගේ සරු බව ඇයගේ ඩිම්බ කෝෂවල ඉතිරිව ඇති සංසේචනය විය හැකි ඩිම්බ සංඛ්‍යාව මත තීරණය වෙනවා. මෙය ඉංග්‍රීසියෙන් (Ovarian Reserve) ලෙස හඳුන්වනවා. ඒ මට්ටම තීරණය කරන්නට – රුධිර පරීක්‍ෂණ දෙකක් වෛද්‍යවරයාට උදව් වෙනවා. ඉන් පළමුවැන්න FSH නමැති හෝමෝන අගයයි. දෙවැන්න AMH නම් හෝමෝනයයි. මේ දෙකම ඔසප් චක්‍රයේ දෙවන දින ලබා ගන්නා රුධිර සාම්පලයකින් මැන බලනු ඇත. ඒවායේ අගය අනුව ප්‍රතිකාර තීරණය වනු ඇත.

 

  • පිරිමින්ටත් වයසට යනවිට දරුඵල අඩු වෙනවා

 

ඒත් ඒ ගැහැනුන්ට වඩා තරමක් කල් පහුවෙලා. පිරිමින්ගේ සරු භාවය අඩු වෙන්න පටන් ගන්නේ වයස 50 දී 60 දී විතර ඉඳල. වයසක පිරිමින්ගේ ලිංගික ආසාව අඩුවෙනවා. සංසර්ග හැකියාව අඩු වෙනවා. ප්‍රාණවත්බව හා යෝනිය තුළට ශුක්‍රාණු විදීමේ ශක්තිය අඩුවෙනවා. වරකට පිටවෙන ශුක්‍රාණු සංඛ්‍යාව වගේම ඒ ශුක්‍රාණුවල පිහිනා යාමේ වේගය මන්දගාමී වෙනවා. ඩිම්බය හමුවී එහි බිත්තිය පසාරු කර යාමට ඇති ශක්තිය තරුණ වියේදීට වඩා බාල වෙනවා.

හිතට බියක් ගන්න එපා. වයස අවුරුදු 80දී තාත්තලා වුණු පිරිමිත් ඉන්නවා. ඒත් වයසට යනකං බලා ඉන්නේ නැතුව ඉක්මන හොඳයි.

 

මේ ලිපි පෙළ ලියන්නේ, විශේෂඥ වෛද්‍ය කුසුම්සිරි ද සිල්වා මහතායි

එංගලන්තයේ බර්මිංහැම් හිදී දරු ඵල පමාව සඳහා වූ බටහිර වෛද්‍ය ක්‍රමයත් ඉන්දියාවේදී හා ඉන්දුනීසියාවෙදී පෙරදිග වෛද්‍ය ක්‍රමත් හදාරා ඇති ඔහු 1995දී ලංකාවේ ප්‍රථම දරු ඵල සඳහා විශේෂිත වූ වෛද්‍ය මධ්‍යස්ථානය ෆර්ට් ඒඞ් නමින් පිහිටුවා එදා සිට අද දක්ව දරු ඵල පමාවූ විවාහකයන් දස දහස් ගණනකට සාර්ථකව ප්‍රතිකාර සලසා ඇත.

 

ලබන සතියේ තරබාරු බව දරුඵල ලබන්නට බලපාන හැටි. මේ සම්බන්ධ ඔබේ ගැටලුව මෙසේ ලියන්න.
“සිරියහනෙන් තිඹිරි ගෙයට”
ෆර්ට් ඒඞ්
823, පේරාදෙණිය පාර, මහනුවර

 

  • අපගේ ප්‍රතිකාර සඳහා මහනුවර හා කඩවත වෙත යොමුවන්නට පුළුවන්.

මහනුවර, පේරාදෙණිය පාරේ කිංස්වුඞ් විද්‍යාලය ඉදිරිපිට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා හා ඉරිදා

කඩවත නුවර පාරේ පොලිස් ස්ථානය ඉදිරිපිට – බදාදා සහ සෙනසුරාදා

ක්‍ෂණික ඇමතුම් – 0760 123 523

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>