TT Ads

එක්සත් ජනපද විවෘත තරගාවලියේදී බියංකා ඇන්ඩි‍රස්කු ලැබූ ජයග්‍රහණය ගැන මේ දවස්වල කතා කෙරෙන්නේ මහ ඉහළින්. තවමත් දහනව හැවිරිදි වියේ ඉන්න සුරූපී බියංකා ඇගේ පළමු ලෝක ශූරතාව අත්පත් කර ගත්තේ ලේසි පහසු ප්‍රතිවාදිනියක් පරාජය කරල නෙවෙයි. ඇය අතින් අවසන් තරගයේදී පරාජය වුණේ ලෝක ශූරියක් වන සෙරීනා විලියම්ස්. නිව්යෝක් නුවර පැවැත්වුණු මේ අවසන් තරගයේ ලකුණු සටහන කියවුණේ 6-3, 7-5 වශයෙන්.
මේ වගේ ප්‍රධාන පෙළේ තරගාවලියකට පළමු වරට පය ගැසූ බියංකා එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය අවසන් කළේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ඒකල ශූරතාවක් දිනූ පළමු කැනේඩියානු ක්‍රීඩිකාව බවට පත් වෙමින්. අනෙක් අතට 37 හැවිරිදි සෙරීනා අවසන් තරගයකදී පිට පිට අසාර්ථක වුණු හතර වැනි වතාව.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>