TT Ads

ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක දිල්ලි නගරයේ බස් රථයක් තුළ දී සමූහදූෂණයට ලක්ව මිය යාම 2012 අවුරුද්දේ මුළු ලෝකෙම අවධානය දිනා ගත් මරණයක් වුණා. වසර ගණනාවක් දිග නඩු විභාගයකින් පස්සේ වරදකරුවන් හය දෙනාගෙන් හතර දෙනෙකුට මරණ ද`ඩුවම තීන්දු වුණා. අනිත් දෙදෙනාගෙන් කෙනෙක් වුණු ප‍්‍රධාන වරදකරුවා එනම් බස් රථයේ රියදුරා නඩු විභාගය අතරතුරදී සිරමැදිරිය ඇතුළෙ ගෙල වැළලාගෙන මිය ගියා. අනිත් කෙනා බාලවයස්කාරයෙක් වුණු නිසා වසර 3 ක් පුනරුත්තාපනය කරන්න නියම වුණා. මේ වෙද්දි ඔහු පරිවාස භාරයේ රහසිගත ස්ථානයක රැුකියාවක නිතර වෙනවා. මරණ දඩුවම තීන්දු වුණාට පස්සේ එය ලිහිල් කරන්න කියලා වරදකරුවන්ගෙන් තුන් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට 2017 සහ 2018 අවුරුදුවල අභියාචනා ඉදිරිපත් කළත් ඒවා නිෂ්ප‍්‍රභා කිරීම ත‍්‍රිපුද්ගල විනිසුරු ම`ඩුල්ලේ ඒකමතික තීන්දුව වුණා. ඒ අනුව දැන් ඔවුන්ගේ මරණ දඩුවම ලිහිල් කරන්න හෝ ඔවුන් නිදහස් කරන්න පුළුවන් වෙන්නේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්ට විතරයි. මොකද ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 72 සහ 161 වගන්ති යටතේ ඉන්දියානු ජනරජයේ ඕනෑම වරදකරුවෙකුගේ ද`ඩුවමේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බලතල තිබෙන්නේ අපේ රටේ වගේ ම ජනපතිවරයාට විතරයි. නමුත් ඉතාම සාධාරණ පුද්ගලයෙක් වුණු ජනපති රාම් නාත් කෝවින්ද්, නිර්භයාගේ මරණය සිදු කළ පුද්ගලයන් නිදහස් කරන්න නියෝග කරයි කියලා හිතන්න අමාරුයි.
මේ දක්වා කියපු කතාව ටිකක් පරණ කතාවක්. ඒ කතාවෙ අලූත් පරිච්ෙඡ්දය පහුගිය දවසක ආරම්භ වුණා. අලූත් කතාවේ කතා නායිකාව තමයි ආශා දේවි. ඒ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යාවගේ අම්මා. මේ වෛද්‍ය ශිෂ්‍යාවගේ සත්‍ය නම මාධ්‍යවලින් ප‍්‍රසිද්ධ කරලා නොතිබුණු නිසා ඒ තාක් ඇයව මාධ්‍යයේ හඳුන්වලා තිබුණේ ”නිර්භයා” කියන අනුවර්ථ නමින්. ඒකට හේතුව තමයි ඉන්දියානු දණ්ඩ නීති සංග‍්‍රහයේ ”225ඒ” කියන කොටසට අනුව ලිංගික අඩම්තේට්ටම්වලට හෝ දූෂණයට ලක් වුණු කිසිම කෙනෙකුගේ නම හෝ ඡුායාරූප ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීම සපුරා තහනම් වෙනවා. එය ප‍්‍රචාරය කිරීම වසර දෙකක සිර ද`ඩුවම් සහ දඩ ගැසීමකට යටත් වන ද`ඩුවමක්. ලිංගික අඩම්තේට්ටම්වලට ලක් වුණු කෙනා මිය ගියොත් ඊට පස්සේ ඒ පුද්ගලයාගේ නම හෝ ඡුායාරූප ප‍්‍රසිද්ධ කරන එක ගැන ව්‍යතිරේකයක් සපයලා තියනවා.
කොහොම වුණත් මේ වෙද්දි නිර්භයාගේ සත්‍ය නම ඇගේ මව විසින්ම මාධ්‍යයට අනාවරණය කළා. නිර්භයාගේ ඇත්ත නම් ”ජ්‍යෝති දේවි”. මිය යද්දි වයස අවුරුදු 23 යි. ජ්‍යෝතිගේ මරණයේ වරදකරුවන්ට මරණ ද`ඩුවම නියම වුණත් එය ක‍්‍රියාත්මක වන දවසක් ප‍්‍රකාශයට පත් කරලා තිබුණේ නැහැ. මේ ගැන කතා කරන්න තමයි ආශා දේවි කරලියට ආවෙ. මේ විදියට මරණ ද`ඩුවම නියම වුණු අයව සිරමැදිරිය තුළ රඳවාගෙන ඉඳලා අනාගතයේ යම් දවසක ජනාධිපති පොදු සමාව යටතේ ඔවුන් නිදහස් වෙන්නත් ඉඩ තිබෙනවා කියලා ආශා දේවි කියනවා. ඇය එහෙම කියන්නේ මේ නඩු විභාගයෙදි වරදකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ජ්‍යෝති මිය යාමේ වරද ඇගේ මාපියන් වෙත පටවන්න උත්සාහා ගත් අවස්ථාත් තිබුණු නිසයි. එක් නීතිඥවරයෙකු ”?ට ගැහැණු ළමයි තනියම පාරවල්වල යවන දෙමාපියන් මේ වගේ දේවල් අහන්න සූදානමින් ඉන්න ඕනෙ” කියලත් ”රාත‍්‍රී කාලයට පාරේ තියන මස් කටු කන්න බල්ලො එන එක සාමාන්‍ය දෙයක්” කියලත් කියා තිබුණු නිසයි.
කොහොම වුණත් අපරාධ කරුවන් නිදහස් වුණොත් අවුරුදු 7 ක් තිස්සේ තමන් හෙළුෑ කඳුළුවල කිසිම තේරුමක් නැතිව යන නිසා ඉතින් වහාම ක‍්‍රියාත්මක වුණු ඇය අපරාධකරුවන්ට ලබා දුන් මරණ ද`ඩුවම වහාම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඉන්දීය ගේ‍්‍රෂ්ඨාධිකරණයෙන් මරණ වරෙන්තුවක් ලබා ගත්තා. ඒ කියන්නේ ලිංගික අඩම්තේට්ටම්වලට ලක්වුණු කෙනාට හෝ ඇය මිය ගිහින් නම් ඇගේ පවුලේ අයට පුළුවන් වරදකරුවන් බවට පත් වූ අයව ඉක්මණින් එල්ලා මරා දමන ලෙස ඉල්ලා සිටින්න. ආශා දේවි ඇගේ දියණිය වෙනුවෙන් මේ ඉල්ලීම කළා. මේ වෙනුවෙන් ඇය ප‍්‍රාන්ත කීපයක ගෙයින් ගෙට ඇවිද ගිහින් ඇගේ දියණියට සිදු වුණු අපරාධය වෙනුවෙන් සටන් කරන්න ඇයත් එක්ක එකතු වෙන්න කියලත් අපරාධකරුවන්ට දඩුවම් දීම ඉක්මන් කරන්න පෙත්සමක් අත්සන් කර දෙන්න කියලත් ඉල්ලා හිටියා.
මේ විදියට අත්සන් කෙරුණු පෙත්සම ඇය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාරදෙනු ලැබුවේ ජ්‍යෝතිට මේ අපරාධය සිදුවී හරියටම අවුරුදු 7 ක් සම්පූර්ණ වූ පහුගිය දෙසැම්බරයේ යි. මේ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ නිර්භයා නොහොත් ජ්‍යෝති දේවි වෙනුවෙන් සාධාරණය ඉටු කරන්න පොර බදන අම්මා, ආශා දේවිගේ ප‍්‍රාර්ථනය ඉටු කළා. ඒ අනුව ජ්‍යෝති දේවිට බරපතල ලිංගික අපරාධ සිදු කිරීම සහ සමූහ ¥ෂණයට ලක් කිරීම හේතුවෙන් වැරදිකරුවන් වුණු පුද්ගලයින් හතර දෙනාව එළඹෙන ජනවාරි 22 වෙනිදා උදෑසන 7 ට මිය යන තරු එල්ලා තැබීමට නියෝග කරනු ලැබුවා. ”මගේ දුව වෙනුවෙන් කරන්න ඕනෙ දේ අම්මා කෙනෙක් විදියට මම කළා” තීන්දුව දුන් මොහොතේ ආශා දේවි තමන්ගේ පපුවට ගසා ගනිමින් එහෙම කිව්වා.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>