TT Ads

ඔබත් දියවැඩියාවෙන් පෙළෙනවාද? ඔබගේ රුධිරයේ සීනි මට්ටම පහළ අගයක පවත්වා ගැනීමට පහත සඳහන් ආහාර සහ පාන වර්ගවලින් පුළුවන් බව ඔබ දැන සිටියාද?

  • ඉදුණු වරකා කොළ 5-6 ක් පමණ විනාඩි 15ක් පමණ තම්බා පානය කරන්න.
  • අට්ටික්කා ගසේ පොතු ග්‍රෑම් 50 – 60 පමණ තම්බා පානය කරන්න
  • මාදන් පොතු සහ කුඹුක් පොතු ග්‍රෑම් 20 බැගින් පමණ ගෙන තම්බා පානය කරන්න.
  • මුකුණුවැන්න කොටා වණ්ඩුවේ තම්බා මිරිකා එහි යුෂ පානය කරන්න.
  • තේ,කෝපි, පිටිකිරි පානයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී බෙලිමල්, ඉරමුසු හා රණවරා මල් පානයට හුරු වන්න.
  • රණවරා, මදටිය, නීරමුල්ලිය, කෝවක්කා, හාතාවාරිය, බෙලිකොළ, කළවම් කර හෝ තනිව ගෙන හෝ
  • කොළ කැඳ සකසා දවසක් හැර දවසක් උදෑසනට පානය කරන්න.
  • මාදන් පොතු, කුඹුක් පොතු, මාදන් ඇට, කොටා කුඩු කර ඉන් මදක් උණුවතුරට දමා වසා තබා පානය කරන්න.
  • කොට දිඹුල ගෙඩි වෑංජනයක් ලෙස පිසගෙන කෑමට ගන්න
  • අට්ටික්කා ගෙඩි වෑංජනයක් ලෙස පිසගෙන කෑමට ගන්න
  • රණවරා කොළ, මල්, මුල්, ඇට, පොතු සම සමව වේලා කුඩු කර කලවම් කර තේ හැඳි එකක් බැගින්
  • උණුවතුර අඬු කෝප්පයකට දමා නිවා උදේ සවස බීමට ගන්න.
  • කොතල හිඹුටු තම්බා පානය කරන්න.
  • උළුහාල්, සුදුලූනු, වෙනිවැල් ගැට තම්බා උදේ සවස පානය කරන්න.

 

දියවැඩියා රෝගීන්ට සුදුසු පලතුරු

කහට රස ඇති බාගෙට ඉදුණු ඇඹුල් කෙසෙල් (දිනකට එකක්) පේර, නෙල්ලි, ගස්ලබු, (දිනකට අඟලක පමණ තීරුවක්) අමු හෝ ඉදුණු වෙරළු, කටු ලොවි, ඇඹුල් ලොවි, කටු අනෝදා, නමිනං, මැංගුස්, ඇඹරැල්ලා, මිදි (ගෙඩි 5- 6) කොමඩු (කුඩා තීරුවක්)

 

සුදුසු එළවළු හා පලා වර්ග කීපයක්

වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, කැකිරි, කොහිල අල, කොහිල දළු, කෙසෙල් මුව, තුඹ කරවිල, කරවිල, එළබටු, තිබ්බටු, රාබු, නෝකෝල්, බණ්ඩක්කා, බෝංචි, ලීක්ස්, කොළ ගෝවා, ගෙඩිගෝවා, පෙනෙළ කොළ, මඩු දළු, තෝර කොළ, කිරි අඟුණ හා තිත්ත අඟුණ, එරබදු කොළ, වට්ටක්කා දලු, වැල් දොඩම් කොළ, ජපන් බටු කොළ, වාතභංග කොළ, මැල්ල කොළ, කතුරු මුරුංගා කොළ, කර කොළ, නිවිති, තැල් කොළ, තුඹ දළු, කළු කම්බිරියා කොළ, සාරණ, ගෙඳපලා, කංකුං, මුකුණුවැන්න, ගොටුකොළ, කුරිඤ්ඤං කොළ, තෙබු කොළ, මදිටිය කොළ, රණවරා කොළ, ගිනිතිල්ල කොළ මෙම එළවළු නැවුම් වන තරමටත් අඩු වේලාවක් පිස ගැනීමෙනුත් ගුණය උපරිම කරගත හැකියි. පලා වර්ග අමුවෙන් ගැනීම. (නොමලවා) වඩාත් ගුණදායක වේ.

 

උදේ ආහාරය

මුං ඇට, කඩල, රතු කව්පි අඬු කෝප්ප එකක් හෝ එක හමාරක් පමණ බාර්ලි ඇට, කුරහන් රොටී පලුවක්, කුරහන් ඉඳිආප්ප 4-5ක්, කුරහන් පිට්ටු අඟල් 4ක පමණ කැබැල්ලක්, රතු සහල් කිරිබත් අඩු කෝප්ප 1-2ක් පමණ, කොළ කැඳ වීදුරුවක්.

 

දහවල් කෑම වේල

තම්බපු රතු (නාඩු) සහල්, රතු බාස්මතී සහල්, පච්ච පෙරුමාල්, හීනටි, සුව`දැල්, කළුහීනටි වැනි දේශීය සහල් වර්ගයකින් පිසූ බතක් (අඬු කෝප්ප 1-2ක් පමණ) සුදුසු එළවළු දෙකක් හෝ තුනක්, කොළ මැල්ලුමක් හෝ සලාදයක්, සුදු මාළු කැබැල්ලක් හෝ අමු හාල්මැස්සන්, වියළි හාල්මැස්සන්, ලුණු අඬු කරවල, කුඩා මාළු සමග ආහාර වේලක්.

 

රාත්‍රී ආහාර වේලට සුදුසු කෑම

බර අඩු සැහැල්ලු ආහාර වේලක්, එළවළු සුප් එකක්, කුරහන් හා පාන් පෙති 2-3ක්, සමග මාළු පෙත්තක්, කුරහන් ඉඳිආප්ප 4-5ක්, අඟල් 4ක පමණ කුරහන් පිට්ටු කැබැල්ලක්, කුරහන් රොටී, කුරක්කන් කැඳ, කඩල, රතු කව්පි, බෝංචි වැනි ඇට වර්ගයක් ගාගත් පොල් තේ හැඳි 2-3ක් සමග ආහාරයට ගැනීමට සුදුසුය. සීනි නොදමා පොල් සමග සාදාගත් හබල පෙති අඬු කෝප්ප 1 1/2 – 2 ක් පමණ වුවද සුදුසුය.

 

උපදෙස් – වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>