TT Ads

සී ෆූඞ් රයිස් මොන්ගෝලියන් රයිස්, චව්චව් රයිස්, යෙලෝ රයිස් වගේ රස නහර පිනායන බත් එකක් තියෙනවා නම් ඊට දෙවැනි නොවෙන්න රසම රස සුප් එකකුත් කෑමට පෙරාතුව අත්‍යවශ්‍යයි. ඒ කෑම වේලේ රසය වැඩි කරන්න කකුළු සුප් එකක රස මිහිර බෙදා ගන්න අපි කල්පනා කළෙත් ඒ නිසාමයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • මෘදු බටර් මේස හැඳි 04ක්
  • මධ්‍යම ප්‍රමාණයේ කකුළුවෝ 2ක්
  • මධ්‍යම ප්‍රමාණයේ සුදු ලූනු බික් 6ක් (තලාගත්)
  • ඉඟුරු මේස හැඳි 03ක් (තලාගත්)
  • ඇට ඉවත් කර සිහින්ව තලාගත් වියළි මිරිස් කරල් 3ක්
  • සූදුරු තේ හැඳි 02ක්
  • සියඹලා ඉස්ම තේ හැඳි 1½ ක්
  • හලාගත් පාන් පිටි කෝප්ප ¼ ක්
  • මුහුදු මාංශ තම්බාගත් වතුර කෝප්ප 09ක්
  • නැවුම් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  • පොල්කිරි කෝප්ප 01ක්
  • දෙහි පෙති ස්වල්පයක්
  • දෙහි යුෂ තේ හැඳි ¼
  • ලුණු තේ හැඳි 2ක්
  • ගම්මිරිස් ස්වල්පයක්
  • තම්බාගත් කකුළු මස් ස්වල්පයක් (සැරසීම සඳහා)

 

සාදා ගන්නා ආකාරය

කකුළුවන් තරමක කැබැලිවලට වෙන් කර ගලායන වතුරෙන් සෝදා බේක් කර ගන්න. නැත්නම් ග්‍රිල් කර ගන්න. පසුව කකුළු මස් තලා ගන්න. ඉන්පසු භාජනයක් ළිප තබා හොඳින් රත් වූ විට බටර් එක් කරන්න. රත් වූ බටර්වලට ලූනු, සුදුලූනු, මිරිස් එකතු කර මිනිත්තු 12ක් පමණ දුඹුරු පැහැ වන තෙක් බැදගන්න. අනතුරුව ගින්දර අඩුකර තලාගත් කකුළුවෝ, කොත්තමල්ලි, සූදුරු, සියඹලා එකතුකර මිනිත්තු 45ක් පමණ ළිපෙහි තබන්න. එසේ මුහුදු මාංශ තම්බාගත් වතුර සාදා ගන්න. එසේ සාදාගත් මිශ්‍රණය හොඳින් නිවා ගන්න. ඉන්පසු එය හොඳින් මෘදු වනතෙක් බ්ලෙන්ඞ් කරගන්න. එසේ සාදාගත් සාන්ද්‍රනය මද ගින්දරේ රත්කර පොල්කිරි, ලෙමන්, සුදුලූනු, ගම්මිරිස් එකතුකර රත්කරගන්න. මෙම සුප් එකට මිටිකිරි බිංදු 2 – 3 ක් දැමූ විට අලංකාර මෝස්තර රටා ලැබේ.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී, අකිල ඉෂාන් රාජපක්‍ෂ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>