TT Ads

අතුරුපසක්, සුප් එකක් හදන එක වගේම කට ගැස්මක් ලුණු, ඇඹුල් පදමට දාලා හදන එකත් අපූරු කලාවක්. ලේසියෙන්, පහසුවෙන් වගේම ඉක්මනින් පිස ගන්න පුළුවන් මේ රසම රස කට ගැස්ම උත්සව මේසයටත් ඉතා කදිමයි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  •  බැද ගැනීමට ප්‍රමාණවත් තරම් තෙල්
  • දැල්ලෝ ඔළු ග්‍රෑම් 250ක්
  • දෙහි අවශ්‍ය පමණ
  • ලුණු මේස හැඳි 1/2ක් පමණ
  • ගම්මිරිස් ස්වල්පයක්
  • සුදු ලූනු ග්‍රෑම් 15ක්
  • බී ලූනු ග්‍රෑම් 15ක්

සාදා ගන්නා ආකාරය

සෝදා පිරිසිදු කරගත් දැල්ලො, දෙහි, ලුණු, ගම්මිරිස් දමා ටික වේලාවක් සීසන් කරගන්න. ඉන්පසු භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කර සුදු ලූනු හා ලූනු තෙම්පරාදු කරගන්න. එයට සීසන් කරගත් දැල්ලො එකතු කර රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර ළිප නිවා ගන්න.

උපදෙස් ප්‍රවීණ සූපවේදී ඉසාර සඳරුවන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>