TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය

 විශාල අඹ 2ක් ඉදුණු සහ ඉස්ම සහිත – කෝප්ප 2 ඉස්ම සෑදීමට
 රස කළ කිරි (ග‍්‍රෑම් 395 / 14ද‘ ක කෑන් 01
 විප් ක‍්‍රීම් කෝප්ප 2
 කහ වර්ණකය
 අවශ්‍ය නම් පමණක් යෙදීමට

සාදන ආකාරය

අඹවල මාංශය සූරා බෙන්ඩර් කර අඹ ඉස්ම කෝප්ප 2 ක් ලබා ගන්න.
මඳ පමණට තාපය යෙදූ උදුනක සාස්පානක් තබා එයට අඹ ඉස්ම වත්කරන්න. මිශ‍්‍රණය හැඳි ගාමින් මිශ‍්‍රණය කෝප්ප 1 දක්වා අඩුවෙනතුරු මිනිත්තු 8-10ක් රත් කරගන්න.
දැන් මෙම අඹ ඉස්ම සිසිල් කරගන්න.
එය සිසිල් වූ පසු ටින්කිරි හා අවශ්‍ය නම් කහ වර්ණය එක් කරන්න. ඉන්පසු හොඳින් මිශ‍්‍රවෙනතුරු මිශ‍්‍ර කරන්න.
දැන් ක‍්‍රීම් එක ගෙන හොඳින් බීට් කරගන්න.
ක‍්‍රීම් හැන්දක් ගෙන අඹ මිශ‍්‍රණයට දමන්න. ඉන්පසු හොඳින් මිශ‍්‍ර කරන්න.
ඉන්පසු අඹ මිශ‍්‍රණය කී‍්‍රම් එකට වත් කරන්න. මිනිත්තු කිහිපයක් හොඳින් බීට් කරන්න. දැන් මිශ‍්‍රණය තැටියට වත්කරන්න. වීදුරු තැටියක් නම් වඩා හොඳයි.
ඉන්පසු මිශ‍්‍රණය යෙදූ තැටිය හොඳින් වසන්න.
දැන් මෙම මිශ‍්‍රණය මිදීමට පැය 12ක් අධි ශීතරකරණයේ තබන්න.
පැය 12කට පසු ඔබට ඔබ හැදූ රසම රස අඹ අයිස්ක‍්‍රීම් එක පිළිගන්වන්න පුළුවන්.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>