TT Ads

නිවසක සුන්දරත්වය කෙරෙහි පිරිසිදුකම ගෙනදෙන්නේ, මහඟු දායකත්වයකි. වර්තමානයේ කාර්ය බහුල ගෘහණියන්ට නිවසේ සුන්දරත්වය, පිරිසිදු බව පවත්වා ගැනීමට ඉතා පහසුවෙන් භාවිත කළ හැකි අපූරු නිෂ්පාදන පෙළක් “හේලීස් සමූහයට” අනුබද්ධිත පියුරිටාස් (පෞද්ගලික) සමාගම විසින් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. මෙම නිෂ්පාදනවල සුවිශේෂත්වය වන්නේ සක්‍රිය කාබන් හෙවත් පොල්කටු අඟුරු යොදා ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිතව නිෂ්පාදනය කිරීමයි.
ශීතකරණයෙහි ගබඩා කරන ආහාරපානවල නැවුම් බව සුරැකීමටත්, මස්, මාළු ආදිය සමග වෙනත් ආහාරපාන ශීතකරණයේ අසුරා තැබූ විට එම ආහාරවලින් ද දුර්ගන්ධය වහනය වීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ හේතුවෙන් එම ආහාරපාන පරිභෝජනය කිරීමට පවා අපහසුවන තත්ත්වයක් ඇති වෙයි. මෙයට විසඳුමක් ලෙස නිෂ්පාදිත “Mr. Fresh” පැකැට්ටුවක් /අසුරණයක්, ශීතකරණයෙහි තැන්පත් කර තැබීමෙන් එහි අඩංගු සක්‍රිය කාබන් වෙත එම දුඟද හමන වායු අංශු උරා ගන්නා අතර එමගින් ශීතකරණය තුළ ඇති වායු ධාරාවල නැවුම් බව සුරැකෙයි. මෙම “Mr. Fresh” නිෂ්පාදනය රු.175ක් වැනි පහසු මිලකට ලබා ගත හැකිය. මුළුතැන්ගෙයින් ඉවත දමන ඉඳුල් ආදිය බහාලනු ලබන කසළ බඳුන්වලින් හමන දුර්ගන්ධයද එම නිසා බෝවන කෘමි සතුන්ද නිවසේ සුන්දරත්වයට හා පිරිසිදුකම පවත්වා ගැනීමට විශාල බාධාවකි. ඒ සඳහාද සෞඛ්‍යාරක්‍ෂිත විසඳුමක් හඳුන්වා දී ඇති අතර “Bin Fresh” නමින් හඳුන්වන සක්‍රිය කාබන් අඩංගු මෙම පවුඩරය කසළ බඳුන් වෙත ඉසීමෙන් දුර්ගන්ධය පහව යයි. Puritas සමාගම ඔබට හඳුන්වාදී ඇති මෙම නිෂ්පාදනය රු. 150ක් වැනි පහසු මිලකට සුපිරි වෙළෙඳසල් සහ Puritas සමාගම හරහා මිලදී ගැනීමේ පහසුකම පාරිභෝගික ඔබ සැමට ලබා දී ඇත.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>