TT Ads

ලොව ප‍්‍රමුඛතම සන්නිවේදන ජාලය වන Viber ,ශ‍්‍රී ලංකාවේ පළමු අන්තර්ක‍්‍රියාකාරී Voting BOT දියත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ඩාන්සින් රියැලිටි ටීවී වැඩසටහනක් වන ”Derana City of Dance” සමඟ අත්වැල් බැඳගෙන තිබේ..එමගින් රසිකයින්ගේ සිත්ගන්නා අදහස් සහ ඔවුන්ගේ ප‍්‍රියතම රංගන ශිල්පින් සහ කණ්ඩායම් සඳහා සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව සජීවී විකාශය අතරතුරදීම සිදු කිරීමට අපුර්ව අවකාශයක් ලබා දී ඇත.

Viber BOT සමඟ සම්බන්ධ වීමට, රියැලිටි වැඩසටහන් ප‍්‍රිය රසිකයන් විසින් ‘‘Derana City of Dance’’ ස්ටිකර් පැකේජය Download කරගත යුතුය. එමගින් අශ්වාදනිය සහ ශක්තිමත් සම්බන්ධතාවයක් හරහා ඔවුන්ට නිතිපතා Viber BOT හිතේ හැටියට පරිශීලනය කිරීමට හැකි වේ. පළමු සතිය තුළ පමණක්, පරිශීලකයින් 145,000ක් සහ දළ වශයෙන් 40,000 ක් පමණ ග‍්‍රාහකයින් ප‍්‍රමාණයක් Viber BOT වෙත ආකර්ෂණය කර ගැනීමට එය සමත් වීම ඊට ඇති ඉහළ ඉල්ලූම සහ ජනප්‍රියත්වය මනාව පෙන්නුම් කරයි.

දෙරණ නාලිකාව ඔවුන්ගේ ප‍්‍රවර්ධන උපාය මාර්ගයේ කොටසක් ලෙස සමාජ මාධ්‍ය භාවිත කරන අතර ස්ටිකර් පැකේජ සහ Viber BOT ද ඒ සඳහා සක‍්‍රියව භාවිතා කරයි. TV දෙරණ, Viber හවුල්කාරිත්වය දියත් කිරීමේදීම නරඹන්නන්ගෙන් විශාල ප‍්‍රතිචාරයක් ලබා ඇති අතර එම නිසා පරිශීලකයින්ගෙන් වැඩි ප‍්‍රතිචාර ලබා ගැනීමේ අරමුණින් Viber BOT වෙත තවත් ඉදිරියට පැමිණීමට නියමිත රියැලිටි වැඩසටහන්ද එක් කිරීමට තීරණය කර තිබේ.මෙම ස්ටිකර් පැකේජයට මෙම රියැලිටි වැඩසටහනට සහභාගී වන පූජා උමාශංකර්, සතිෂ් හෙට්ටිතන්ත‍්‍රි, සජිත් ඇන්තනි සහ කෙවින් නුගරා වැනි ශ‍්‍රී ලංකාවේ  ජනප‍්‍රිය පුද්ගලයින් ඇතුළත් වේ.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>