TT Ads

දෙළුම් ගසේ ගෙඩි පැහුණු හෝ ඉදුණු පසු රසවත් ගුණවත් පලතුරකි. කොළ, මල්, ගෙඩි, මුල් හා පොතු යන ගසේ පස් පංගුවම ආයුර්වේදයට අනුව වටිනා ඖෂධයකි. දෙළුම් කොළවල බැක්ටීරියා නාශක ගුණයක්ද පවතී. තම්බන ලද දෙළුම් කොළ වලින් ඇස් රෝගීන්ගේ දෑස සේදීම හා දෑස තැවීම කරයි. දෙළුම් පලතුරෙහි අඩංගු “ටැනික්” නමැති රසායන ද්‍රව්‍ය නිසා, ශරීරයේ අභ්‍යන්තර ලේ වහනය සහ පාචන රෝගය වළක්වයි. දෙළුම් පලතුරක් ලෙස ආහාරයට ගත් මොහොතේ පටන් ශරීරයට හිතකර වන අතර, රෝග රැසකට හේතු වන වෛරස් රෝග බීජ විනාශකර දමයි. දෙළුම් පිළිකා රෝගයට ද ගුණ දෙන වටිනා ඖෂධයකි. මෙම මිහිරි ගුණැති පලතුර ඔබේ ගෙවත්තේ ඇත්නම් එය ආශිර්වාදයක් නේද?
දෙළුම් බීජ මගින් පැළ නිපදවා ගත හැක. බීජ පැළ අස්වැන්න දීමට කල්ගතවීම අවාසියකි. වසර දෙකහමාරක පමණ කාලයක් ගත විය හැක. දෙළුම් අත්තකින් සිටුවාගත් පැළයකින් වසර එකහමාරකින් පමණ ඵලදාවක් ලබා ගත හැක. හොඳ අස්වැන්නක් දෙන දෙළුම් ගසකින් අපට එවැනිම අස්වැන්නක් දෙන පැළයක් හදාගන්නට පුළුවන. පැළ නිපදවීමේ, යහපත් ක්‍රමයක් නම් අතු පැළයක් සිටුවා ගැනීමය. බීජ පැළයකින් මව් ගසේ තිබූ සියලු ලක්ෂණයන් ලැබෙන බව විශ්වාසයෙන් කිව නොහැකිය.
නමුත්, දෙළුම් අතු කොපමණ ක්ෂේත්‍රයේ සිටෙව්වත් පැළ වෙන්නේ නැත. අතු මැරේ. ගසේ තිබෙන දෙළුම් අත්තක් මුල් අද්දවා ගන්නට පහසු ක්‍රමයක් තිබේ. මෙම ක්‍රමයෙන් ඔබේ විවේක කාලය විනෝදයෙනුත් ප්‍රයෝජනයක් වන අයුරිනුත් කළමනාකරණය කරගන්නට පුළුවන.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>