TT Ads

නත්තල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

 

  •  බිත්තර 12 යි
  •  රුලං ග්‍රෑම් 75
  • සීනි ග්‍රෑම් 500
  •  බටර් ග්‍රෑම් 250
  •  රේසින්ස් ග්‍රෑම් 350
  • කජු ග්‍රෑම් 350
  •  සුල්තානා ග්‍රෑම් 350
  •  මික්ස්පීල් ග්‍රෑම් 100
  • ජින්ජර් ප්‍රිසව් ග්‍රෑම් 100
  • බ්‍රැන්ඩි වීදුරු 1/2
  • මීපැණි වීදුරු 1/2
  •  චව් චව් ග්‍රෑම් 250
  • පම්කිං ප්‍රිසව් ග්‍රෑම් 250
  • චෙරීස් ග්‍රෑම් 100
  • මිශ්‍ර සුවඳ කුඩු ග්‍රෑම් 15
  • ස්ට්‍රෝබෙරි ජෑම් බෝතල් 1/4
  • වැනිලා එසෙන්ස් කුඩා බෝතලයෙන් 1/2
  • ආමන්ඞ් එසෙන්ස් මේස හැඳි 1 1/2
  • රෝස් එසෙන්ස් කුඩා බෝතල් 1/2

 

සාදන ආකාරය

 

සියලුම වියළි පලතුරු වර්ග ඉතා කුඩාවට කපා බඳුනකට දමන්න. දැන් මෙයට වැනිලා, ආමන්ඞ්, රෝස වතුර, මී පැණි වලින් අඩක් පමණද බ්‍රැන්ඩි ටිකක් දමා හොඳින් මිශ්‍ර කර ශීතකරණයේ තබන්න. රුලං ටික කබලේ දමා රන්වන් පාටට බැද ගන්න. බිත්තර කඩා සුදුමද, කහමද වෙන් කර ගන්න. දැන් බිත්තර කහමද, සීනි, බටර් එකතු කරමින් එකට ගසා ගන්න. කපා සකස් කර තැබූ පලතුරු මිශ්‍රණය ගෙන එයට රුලං ටික දමා හොඳින් කලවම් කර ගන්න. දැන් එයටම ඉතිරි මී පැණි, ආමන්ඞ්, වැනිලා, රෝස් එසෙන්ස් දමා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් කහමද මිශ්‍රණයද මෙයටම දමා හොඳින් කලවම් කර ගන්න. සුදුමද ටිකද හොඳින් පෙන නගින තුරු ගසා මෙයට එකතු කර හොඳින් පත්තකින් මිශ්‍ර කර ගන්න. දැන් 150 – 1750ජ උෂ්ණත්වය සහිත උදුනක, තෙල් කඩදාසි යෙදු තැටියක දමා පුළුස්සා ගන්න.

 

යූලේ ලොග්

චොක්ලට් රෝල් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • බිත්තර 4යි
  • සීනි ග්‍රෑම් 100
  • පාන්පිටි ග්‍රෑම් 60
  • බේකිං පවුඩර් තේ හැඳි 1
  • වැනිලා තේ හැඳි 1
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2
  • අයිසිං සීනි අඬු කෝප්ප 1
  • බටර් ග්‍රෑම් 40
  • වැනිලා තේ හැඳි 1

 

සාදන ආකාරය

පිටි වලට බේකිං පවුඩර්, කොකෝවා පවුඩර්, කලවම් කර හලාගෙන පසෙකින් තබන්න. බිත්තර කහමද සහ සුදුමද වෙන් කර ගන්න. දැන් සීනි කොටස් 2කට බෙදා සුදුමද සහ කහමද වලට දමමින් බීට් කරගන්න. මුලින්ම සුදුමද බීට් කරගැනීම වඩාත් යෝග්‍ය වෙයි. දැන් බිත්තර කහමද වලට, සුදුමද දමා කලවම් කර ගන්න. එයට වැනිලා දමා කලවම් කර ගන්න. දැන් පිටි මිශ්‍රණය ටික ටික දමමින් කලවම් කර ගන්න. දැන් ස්ප්‍රිං රෝල් තැටියකට තෙල් කඩදාසියක් දමා සකසා ගෙන තැටියේ සෑම තැනකටම සමානව විහිදෙන සේ මිශ්‍රණය දමා තුනී කර 1800ජ උෂ්ණත්වය සහිත උදුන විනාඩි 15ක් බේක් කරගන්න. දැන් කුඩා කිචන් ටවල් එකක් මතට එය උණුවෙන්ම දමා ගන්න. ඉන්පසු තුවාය සමගම රෝල් කර නිවෙන්නට තබන්න. නිවුණු පසු එම රෝල දිග හැර යළිත් තෙල් කඩදාසියක් මතට දමන්න. කිචන් ටවල් එක ඉවත් කරන්න. දැන් අයිසිං සීනි, බටර්, වැනිලා සහ චොක්ලට් පවුඩර් ටිකක් දමා ක්‍රීම් එකක් සාදා ගන්න. දිග හැරගත් ස්ප්‍රිං රෝල් එක මත එය තවරා තෙල් කඩදාසිය සමගම රෝල් කර ගෙන හොඳින් ඔතා ශීතකරණයේ පැය කීපයක් තියෙන්නට හරින්න.
දැන් මෙය පෙති කපාගත හැකිය. මෙයින් කුඩා කොටසක් කපා, ගසක අත්තක කොටසක් ලෙස පෙනෙන සේ සකසා ගත හැකිය. සමහරු මේ ආකාරයට සකසා ගත් චොක්ලට් රෝල් එක මතට අයිසිං සීනි ඉස හිම වැටී තිබෙන ආකාරයට සකසති. නැතිනම් ටාටර් ක්‍රීම්, විප් ක්‍රීම්, අයිසිං සීනි, චොක්ලට් කැබැලි දමා හොඳින් බීට් කරගෙන මිශ්‍රණයක් සාදාගෙන එය චොක්ලට් රෝල් එක වැසෙන සේ තවරා ගෙන ඒ මත ඉරි සලකුණු කර, ලීයක් ලෙස පෙනෙන ආකාරයට සරසාගත හැකිය. කුඩා කොළ චෙරි ගෙඩි තබා මෙය සරසා ගැනීමට පුළුවන. මේ මත අයිසිං සීනි ඉසීමටද පිළිවන. ඔබගේ රුචිකත්වයට අනුව යුලේ ලොග් එක සරසාගත හැකිය.

 

උපදෙස් – කැනඩාවේ, නිව් සැච්චුවාන්ට්හි  Pots, Bar, Grill රෙස්ටොරන්හි,
ප්‍රවීණ සූපවේදී සුසන්ත වික්‍රමතන්ත්‍රී

 

 

ලව් කේක්


අවශ්‍ය ද්‍රව්‍ය

 

  • රුලං ග්‍රෑම් 100
  • කජු ග්‍රෑම් 200
  • අයිසිං සීනි ග්‍රෑම් 150
  • මී පැණි වීදුරු 1/4
  • බටර් ග්‍රෑම් 100
  • රෝස් එසේන්ස් තේ හැඳි 2
  • බිත්තර 6යි.
  • ලෙමන් ලෙලි තේ හැඳි 1/4
  • කැන්ඞ්ෆ්‍රීල් ග්‍රෑම් 50
  • කුරුඳු කුඩු තේ හැඳි 1/4
  • ස්ට්‍රෝබෙරි ජෑම් මේස හැඳි 1
  • පුහුල් දෝසි ග්‍රෑම් 250

 

සාදන ආකාරය

 

රුලං ටික කබලේ දමා රන්වන් පාටට බැද ගන්න. රුලං නිවෙන්නට හැර බටර් කලවම් කරගන්න. බිත්තර කහමද වෙන් කර ගන්න. සුදුමදවලින් 4ක් බඳුනකට දමන්න. අයිසිං සීනි වලට බිත්තර කහමද දමා ගසා ගන්න. දැන් බටර් මිශ්‍ර රුලං දමා බීට් කරගන්න. දැන් එයට සිහින්ව කපාගත් පලතුරු, මී පැණි, ජෑම්, සුවඳ කුඩු, එසෙන්ස් සියල්ල කලවම් කර ගන්න. ගසාගත් සුදු මද 4ද එකතු කරන්න. දැන් හොඳින් ඝනකම තෙල් කඩදාසි (අඩියට සහ පැතිවලටද) අතුරා ගත් තැටියකට මධ්‍යම උෂ්ණත්වයේ පැය 1 1/2 පමණ බේක් කර ගන්න. බාගෙට තැම්බුණු පසු ෆ්‍රොයිල් කොළයකින් වසා රස්නය පාලනය කර පුළුස්සා ගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

 

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>