TT Ads

තැඹිලි වයින්


අවශ්‍ය ද්‍රව්‍ය

  • තැඹිලි ගෙඩි 4ක වතුර
  • යීස්ට් තේ හැඳි 1
  • කැරමල් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 750
  • දෙහි යුෂ තේ හැඳි 1
  • කරාබු නැටි 3ක්
  • කරඳමුංගු කරල් 3ක්
  • කුරුඳු පොතු කැබැල්ලක්

සාදන ආකාරය
යීස්ට් ටික කෝප්පයකට දමා මඳ උණුසුම් වතුර එකතු කර දිය කර ගන්න. දැන් තැඹිලි ගෙඩි ටික කපා වතුර භාජනයකට දමා ගන්න. එයටම සීනි, යීස්ට්, දෙහි යුෂ, තලාගත් කරදමුංගු, කරාබු නැටි ද එකතු කර හොඳින් වසා දින 10ක් පමණ අඳුරු ස්ථානයක තබන්න. ඉන්පසු පෙරා කැරමල් ද එකතු කර තවත් දින 3ක් පමණ වසා තබන්න. ඉන්පසු ෆිල්ටර් පේපර් වලින් පෙරා බෝතලයකට දමා බීමට ගන්න.

 

දොඩම් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • දොඩම් ගෙඩි 10ක පමණ යුෂ
  • සීනි ග්‍රෑම් 500
  • යීස්ට් තේ හැඳි 1
  • දොඩම් ගෙඩි 2ක ලෙලි
  • කුඩා කුරුඳු පොතු කැබැල්ලක්
  • කැරමල් කර ගැනීම සඳහා සීනි ග්‍රෑම් 250

සාදන ආකාරය
බඳුනක් ගෙන එයට සීනි ටික දමා කැරමල් කර ගන්න. දැන් එයටම දොඩම් යුෂ යීස්ට් තලාගත් කුරුඳු පොතු, සීනි දමා වසා තබන්න. දින 10කින් පමණ පෙරා නැවත බෝතල්වල දමා තව දින කීපයක් තබා නැවත පෙරා පාවිච්චියට ගන්න

 

මිදි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉදුන මිදි ග්‍රෑම් 750ක්
  • වතුර ලීටරයක්
  • යීස්ට් තේ හැඳි ½
  • කරදමුංගු 5ක් පමණ
  • කුරුඳු පොතු කැබැල්ලක්
  • සීනි ග්‍රෑම් 750

සාදන ආකාරය
මිදි ටික සෝදා බඳුනකට දමා හොඳින් අතින් පොඩි කරන්න. දැන් එයට යීස්ට්, තලාගත් කරදමුංගු, සීනි, කුරුඳු පොතු, වතුර එකතු කර හොඳින් වසා සති 2ක් පමණ තියෙන්නට හරින්න. ඉන්පසු පෙරා, කැරමල් මිශ්‍ර කර නැවත පෙරා බීමට ගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>