TT Ads

නිවසක් ඇතුළත සැලසුම් කිරීමේදී සියලුම අවශ්‍යතාවයන් සපුරාලිය හැකිවන පරිදි වාස්තු විද්‍යානුකූල මඟපෙන්වීමක් මත කටයුතු කිරීම ඉතා වැදගත්වේ. නමුත් වර්තමානය වන විට ඉඩමේ ස්වභාවය, ආර්ථික තත්ත්වය විශේෂ අවශ්‍යතා සහ නීති රෙගුලාසි ගැනත් අවධානය යොමු කරමින් නිවසක් සැලසුම් කිරීම සිදු කළ යුතුය. බොහෝ විට වෙනත් කෙනෙකු වෙනුවෙන් ඉදිකළ නිවසක් හෝ එහි අංගයන් තමන් ඉදි කරන නිවසට ඇතුළත් කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කරනු දැකිය හැකි වුවත් වඩාත්ම සුදුසු වන්නේ සුදුසුකම් ලත් සැලසුම් ශිල්පියෙකු වෙතින් තම නිවස සැලසුම් කර ගැනීමය.

අද අපි ඔබව දැනුවත් කරනු ලබන්නේ නිවසක් ඉදිකිරීමේදී ඇතුළත සැලසුම් කරන විට සැලකිල්ලට ගත යුතු වාස්තු විද්‍යානුකූල කාරණා පිළිබඳවය. මෙහි දැක්වෙන සියලුම කරුණු සපුරාලීමට නොහැකි වුවත් තමන්ට හැකි සෑම කරුණක්ම අනුගමනය කිරීම සුවදායකය. සතුටින් පිරි පවුල් දිවියකට එය බෙහෙවින්ම වැදගත් වනු ඇත.

උතුරු දිශාව

විවෘත අලින්ද, සඳළුතල හා සාලය උතුරු දිශාවට පිහිටන අන්දමින් ඉදිකිරීම සුදුසුය. එසේම මුදල් ස්වර්ණාභරණ තැන්පත් කිරීම සඳහාත් උතුරු දිශාව වඩාත් යෝග්‍යවේ.
ප්‍රධාන නිවසට යාබදව ආර්ථිකමය කටයුත්තක් සඳහා ඇනෙක්සියක් වැනි ගෘහ ඒකකයක් එක් කරන්නේ නම් ඒ සඳහා උතුරු දිශාව සුදුසු නොවේ.

දකුණු දිශාව

නිදන කාමර ස්ථාන ගත කිරීම සඳහා දකුණු දිශාව සුදුසුය. එසේම වතුර ටැංකි ඉදිකිරීම හෝ තැබීම සඳහාත් මෙම දිශාව වාස්තු විද්‍යානුකූලව සුවදායක බව පිළිගැනේ.

නැගෙනහිර දිශාව

නිවසේ ආලින්දය, සාලය හා ආගමික කටයුතු කරන ස්ථානය නැගෙනහිර දිශාවේ ස්ථාන ගත කළ හැකිය.

බස්නාහිර දිශාව

වැසිකිළි උපකරණ භාවිතයේදී බස්නාහිර දිශාවට මුහුණ යෙදෙන පරිදි උපකරණ සවි කිරීම සුදුසු නොවන බව ආගමික විශ්වාසයක් පවතී. එසේම සැලසුමට අනුව බස්නාහිර දිශාවට විවෘත ආලින්ද පවතීනම් ඒවා සංවෘත කිරීමට කටයුතු කළ යුතුය.
අධ්‍යාපන කටයුතු සඳහා පොත්පත් පරිහරණය සඳහා බස්නාහිර දිශාව සුදුසුය

වයඹ දිශාව

ස්වර්ණාභරණ, මුදල් වැනි වටිනා දෑ තැන්පත් කිරීම සඳහා වයඹ දිශාව සුදුසුය. එසේම අමුත්තන්ගේ කාමරය, නිදන කාමර සඳහාද මෙම දිශාව සුබදායකය
විශේෂයෙන්ම නව විවාපත් යුවළක් සඳහා නිදන කාමරය ස්ථානගත කිරීමට වයඹ දිශාව වඩාත් සුදුසුය.

ඊසාන දිශාව

නිවසට දේව බැල්ම යොමුවන ඊසාන දිශාවේ ආගමික ස්ථාන ස්ථානගත කිරීම වඩා සුදුසු වේ.
ඊසාන දිශාවේ සාලය පිහිටුවා ඇත්නම් සරල ගෘහ භාණ්ඩ යොදා නිදහස් පරිසරයක් ඇති කිරීම සුබදායකය.
ළිඳ, නළ ජලය සැපයෙන නළය, වතුර ටැංකි ඊසාන දෙසින් පැවැතීම සුදුසුවේ.

නිරිත දිශාව

නිවසේ ප්‍රධාන නිදන කාමරය, ගබඩා කාමරය නිරිත දිශාවේ ස්ථාන ගත කිරීම සුබදායකය. නමුත් ළිඳ, වැසිකිළිය, මුළුතැන්ගෙය හා අපවිත්‍ර දෑ බැහැර කරන තැන් සඳහා නිරිත දිශාව නුසුදුසුය.

ගිනිකොන දිශාව

මෙය මුළුතැන්ගෙය සඳහා සුදුසුය. ඉහතින් සඳහන් කළ කොටස්වලට අමතරව නිවසට එක්වන අනෙකුත් කොටස් ප්‍රධාන අවකාශ බෙදීමෙන් පසුව ඒ අතරට එක්කර ගැනීමට පුළුවන.නිවසක් ඇතුළත සැලසුම් කිරීමේදී සියලුම අවශ්‍යතාවයන් සපුරාලිය හැකිවන පරිදි වාස්තු විද්‍යානුකූල මඟපෙන්වීමක් මත කටයුතු කිරීම ඉතා වැදගත්වේ. නමුත් වර්තමානය වන විට ඉඩමේ ස්වභාවය, ආර්ථික තත්ත්වය විශේෂ අවශ්‍යතා සහ නීති රෙගුලාසි ගැනත් අවධානය යොමු කරමින් නිවසක් සැලසුම් කිරීම සිදු කළ යුතුය. බොහෝ විට වෙනත් කෙනෙකු වෙනුවෙන් ඉදිකළ නිවසක් හෝ එහි අංගයන් තමන් ඉදි කරන නිවසට ඇතුළත් කිරීමට බොහෝ දෙනෙක් කටයුතු කරනු දැකිය හැකි වුවත් වඩාත්ම සුදුසු වන්නේ සුදුසුකම් ලත් සැලසුම් ශිල්පියෙකු වෙතින් තම නිවස සැලසුම් කර ගැනීමය.පුළුවන.

ගොතටුවේ දිනුදා හෝම්ස්හි
ගෘහ නිර්මාණ ශිල්පිනී වාස්තු විද්‍යා උපදේශිකා
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>