TT Ads

 නිදන කාමරයේ නිරිත දිග පැත්තෙන් විවාහක යුවළගේ ඡායාරූපයක් තබන්න.
එසේ නැත්නම් එම දිශාවේ තරා ජෝඩුවක් සහිත පිළිරුවක් හෝ අලංකාර ඡායාරූපයක් තැබීම තුළින් සැමියා හා බිරිඳ අතර අන්‍යෝන්‍ය බැඳීම ආදරය දිනෙන් දින වැඩි වේ.

 ජලයට සම්බන්ධ දෑ නිදන කාමරයේ තැබීම සුදුසු නැත. විශේෂයෙන් ගංගා දිය ඇලි ආදි ජලයට සම්බන්ධ ඡායාරූප පවා නිදන කාමරයේ තැබීම යුග දිවිය අවුල් කළ හැකි හේතුවකි. නිදන කාමරයට සම්බන්ධ නාන කාමරයක් ඇත්නම් එය භාවිතයෙන් පසුව වසා තැබීමට මතක තබා ගත යුතුය.

 ඇතැම් අය නිදන කාමරයේ ඇඳ ඉදිරියෙන් කණ්ණාඩියක් තබන අවස්ථා ඇත. මේ ආකාරයට නිදන ඇද දිස්වන අයුරින් මුහුණ බලන කණ්ණාඩිය තැබීම අයහපත් දෙයක් බව වාස්තු විද්‍යානුකූලව සැලකේ.

 විවාහක යුවළක් නිදා ගැනීම සඳහා පාවිච්චි කළ යුත්තේ එක ඇඳක් හා එක මෙට්ටයකි. මෙට්ට දෙකක් හෝ ඇඳවල් දෙකක් එකට ළංකර ඒ මත නිදාගැනීම විවාහ දිවියට අහිතකර බව සැලකේ.

 නව යුවළක් සඳහා සැකසුණු නිදන කාමරයක් ආලේප කිරීම සඳහා සුදුසුම වර්ණය වන්නේ රතු පැහැයයි. රත් පැහැය ආදරණීය හැඟීම් උද්දීපනය කරන ආදරයේ පැහැය ලෙසින්ද සැලකේ. තනිකර රත්පැහැය කාමරයට සුදුසු නොවන බව හැඟේ නම් රෝස පැහැය භාවිත කිරීමට පුළුවන.

 නිදන කාමරයේ නිරිත දිශාවේ පළිඟුවක් තැබීම තුළින් අඹු සැමියන්ගේ ආදරණීය බැඳීම තව තවත් දැඩිවන බව පිළිගැනේ.

(වාස්තු විද්‍යා
උපදෙස් ඇසුරිනි)

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>