TT Ads

වැඩිපුරම ඉන්න කැමති, එහෙම නැත්නම් නිදහසේ ඉන්න කැමතිම තැන කොහේද කියලා කාගෙන් හරි ඇහුවොත් බොහෝ විට පිළිතුර වෙන්නේ මගේ ගෙදර, මගේ කාමරේ කියලා තමයි. ඒ වුණාට අපි වැඩිපුරම කැමති කාමරේ තියෙන ඇඳට වෙලා ඉන්න කිව්වොත් තමයි වඩාත් හරි. හිතට වගේම ගතටත් පුදුම නිදහසක් දැනෙන සොඳුරුම තැන තමයි නිදි යහන.
මේ කතාව නම් නින්ද ගැනවත්, නිදහස ගැනවත් නෙවෙයි. අපි නිදාගන්න අපේ නිදන ඇඳ ගැනයි.

නිදන ඇඳ කාමරයේ හරි මැද තියන්න එපා
මෙය ඉතාම අසුබ ඵල ගෙන දෙන තත්ත්වයකි. ඔබ උපයන ධනය සහ මුලින්ම අනවශ්‍ය දේට වැයවීමට මෙම පිළිවෙළ සෘජුවම බලපායි. නිවැසියන්ට බොහෝ ලෙඩ දුක් කරදර ඇති වීමටත් ධන හානි සිදුවීමටත් එම තත්ත්වය හේතු වේ.

ඇඳ ඇතිරිලි
මේ බොහෝ ගෘහනියන්ගෙන් සිදුවන වරදකි. අලංකාරය වැඩි කිරීම මෙහි අරමුණ වුවද, නිවසේ සියලු යස ඉසුරු භංගත්වයට පත්වීමට මෙම තත්ත්වය බලපායි. නිදි යහනට කළු, රතු, දුඹුරු, කොළ, නිල්, තැඹිලි වැනි තද වර්ණවල ඇඳ ඇතිරිලි එලීමද සුබඵල හීනකරයි. සුදු හෝ චාම් වර්ණ ඇඳ ඇතිරිලි යොදා ගැනීමද ඉතාම වැදගත්ය. කොට්ටඋර පවා සුදු පාටින් යෙදීම ඉතා සුබය. නිදන කාමරයේ බිත්ති පවා ඉහත වර්ණවලින් වර්ණ ගන්වන්න එපා. ආලෝක වර්ණාවලිය එහි පරාවර්තනය සහ මිනිස් සිරුර අතර ඇති වන සංකීර්ණ සම්බන්ධය තීව්ර කරන්නේ සුදු වර්ණයයි. අනෙක් අතට සුදු ඇඳ ඇතිරිල්ලක් හෝ කොට්ටයක් මත වසන කුඩාම කෘමි සතෙකු වුවද ඔබට පැහැදිලිව දැකගත හැකි බවද මීට හේතුවකි.

නිදි යහන අනවශ්‍ය ලෙස වර්ණ ගන්වන්න එපා
යහන සාදා තිබෙන දැව වර්ගය මත දැව ආරක්‍ෂකයට අමතරව පොලිෂ් කිරීමෙන් යහන ඔපවත් කරගැනීම වරදක් නොවේ. එසේ නොමැතිව විවිධ වර්ණ විශේෂයෙන් කළු පැහැයෙන් යහන වරණ ගැන්වීම නොකළ යුතුය. එසේ කිරීමෙන් එම යහන භාවිත කරන්නාගේ ආයුෂ අඩුවන බව ජ්‍යෝතිෂ මතයයි. ඇඳ රතු තීන්තයෙන් ආලේප කිරීම තුළින් නිතරම සොර සතුරු බිය ඇති කරයි. එමෙන්ම ඔබ නිදන යහන “යකඩ ඇඳක්” වීමද අසුබය.රජවරුන්, ප්‍රභූවරුන් තම යහන රත්තරනින් නිම කළ පුවත් අතීතයෙන් ඇසේ. තම සමෘද්ධිය, පෞරුෂය හා තේජස වැඩිවීමට එය බලපාන බව ජ්‍යොතිෂයේද මතයයි.කෘත්‍රිම දැවවලින් තැනූ ඇඳන් වෙළෙඳපොළේ බහුල බැවින් කිසියම් නිශ්චිත දැව වර්ගයකින් නිම කළ ඇඳක් තෝරා ගැනීමටද ඔබ වගබලා ගත යුතුය. ඒ කෘත්‍රිම ලෙස සැකසූ ප්ලාස්ටික් හෝ යකඩ ඇඳන් භාවිතයද අසුබ බැවිනි.

නිදි යහනට ගැළපෙන දැව වර්ග
පොල්, තල්, කිතුල් දැවවලින් සාදන නිද යහන භාවිත කරන්නන්ගේ ජීවිතවල කිසි දියුණුවක් නැත. බුරුත ලීයෙන් සෑදු ඇඳක නිදන ඔබට සැප සම්පත් බහුලව හිමි වේ. කොහොඹ ඇඳක නිදා ගැනීම දිගු ආයුෂ හා නීරෝගී සුවය ඇති කරයි. කොස්, මූණමල්, සඳුන් ලීයෙන් තැනූ යහන ද බොහෝ සුබ ඵලවලට හේතු වෙයි. කඳුරු, නා වැනි දැවයෙන් සාදන ඇඳන් භාවිතය ඉතා නුසුදුසුය.

කැටයම් සහිත යහන
ඇඳේ ඉහපත මත ලියවැල් කැටයම් කිරීම ඉතා අසුබය. පුන්කළස, මල්වැල්, හංස පූට්ටුව වැනි කැටයම් කැපීමෙන් සුබදායක ප්‍රතිඵල ගෙන දෙයි. කිසිදු කැටයමක් නොමැති යහනද සුබය.

නිදි යහන තැබිය යුතු පිළිවෙළ
ජනේලයකට මඳක් සමීපවන ලෙස බිත්තිවල නොගෑවෙන ලෙස ඇඳේ ඉහපත නැගෙනහිර හෝ දකුණු දිශාවන්ට යොමුවන ලෙස පිහිටුවා ගැනීමෙන් ඔබට යහපතක් සිදුවන බව සහතිකය. නිදි යහනක ඉහපතට සවිකළ අමතර කබඞ් ආදිය තිබීමද නුසුදුසුය. ඇඳ ළඟ විදුලි ලාම්පු, මල් බඳුන්, වතුර භාජන තබා ගැනීමට අවශ්‍ය නම් යහනට නොගෑවෙන සේ සුළු ඉඩක් තබා ඒවා පිහිටුවා ගැනීම වරදක් නොවේ. යටලීයක්. කුරුප්පාවක්, පියගැට පෙළක් තිබේ නම් එම බාධකය පන්නා යහන ස්ථානගත කරන්න.
හිරු එළිය හොඳින් ලැබෙන ජනේලයකට මඳක් යාබදව නිදියහන පිහිටුවා චාම් ඇඳ ඇතිරිල්ලෙන් නිදි යහන සරසන්න. දින දෙකකට හෝ තුනකට වරක්වත් ඇඳ ඇතිරිලි හා කොට්ට උර මාරු කරන්න.

නිදි යහන පිළිබඳ තවත් වැදගත් කතා
නිදියහනේ උඩ මෙන්ම යටද ඉතා පිරිසිදු විය යුතුය. අඩුමතරමින් කඩදාසි කොළයක් පවා ඇඳ මත හෝ ඇඳ යට නොතිබිය යුතුය. බොහෝ ගෘහණියන් සෝදන රෙදි මෙන්ම සෝදා වේලා ගැනීමෙන් පසු නැවීමට ඇති රෙදි නිදන යහන මත ගොඩගසයි. තවත් සමහරු පොත් පිරවූ පෙට්ටි, අලවංගු හා සොර සතුරන් පැමිණියගොත් පහරදීමට ගත හැකි යැයි සිතන විවිධ අවි සහ මුගුරු ආදිය නිදි යහන යට තබයි. මේ සියල්ල ජ්‍යෝතිෂ්‍ය වාස්තු කඩ කිරීම්ය.මානසික අසහනය, අකලට මහලු වීම, නිතර රෝගී වීම, අපේක්‍ෂා භංගත්වය, ගෘහ ජීවිතයේ ගැටුම්, විවාහ ප්‍රමාද වීම ආදි බොහෝ අසුබ තත්ත්වයන් මෙමගින් ඇතිවේ. සාමාන්‍යයෙන් නිදි යහන යට පෙදෙසට හොඳින් හිරු එළිය නොවැටේ. දූවිලි හා පුස් වර්ගවලින් විවිධ බැක්ටීරියා සහ දිලීර රෝග හටගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර ජීවිහු මෙමඟින් බෝවී යහනේ කකුල් මතින් යහන මතට පැමිණේ. ඇඳ ඇතිරිලි කොට්ට හා මෙට්ට පවා මෙම ක්‍ෂුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණයට ලක්වීමෙන් ඔබ නිතරම රෝගී වේ. මෙහි විපාක ලෙස කායික හා මානසිකවද කෙටි කාලීනව හා දිගු කාලීනවද ඔබ දැඩි ලෙස අපහසුතාවට ලක්කරයි.

දොර ජනේල් විවෘතව තැබීමේ වාසි
නිදන කාමරයේ fදාර ජනේල් විවෘත කර හොඳින් හිරු එළිය ලැබීමට සලස්වන්න. එමගින් විෂ බීජ විනාශ වීම මෙන්ම විශාල ප්‍රතිජීවනයක් ලබා දෙයි. ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට අව්වට දැමීමෙන් මෙම ප්‍රතිජීවන ශක්තිය දෙගුණ තෙගුණ වන බවද සිහියට ගන්න. හොඳින් හිරු ආලෝකය උරාගත් ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට මත නිදාගන්නා ඔබට ඉමහත් ප්‍රබෝධයක් ලැබෙයි. හිරු රැස් දෝතක ඇති බලය අත්විඳින්න නම් ඔබගේ උදාසීන තත්ත්වය පසෙකලා මෙවැනි දේ අත්හදා බැලිය යුතුය.
නවීන නිවෙස්වල උසින් හා පළලින් වැඩි ජනේල් දොරවල් යෙදීමේ මූලික අරුත වන්නේ නිවසට හිරු ආලෝකය වැඩිපුර ගෙන්වා ගැනීමයි. ආහාර හා ජලයෙන් විපත් පැමිණවීම අයහපත් ආහාර හා අපිරිසිදු ජලය භාවිත කිරීමෙන් මඟහරවා ගත හැකි මුත් වාතයේ ඇතිවන අයහපත් බලපෑම වළකාගන්නට දැඩි ආයාසයක් ගත යුතුය. අපිරිසිදු වාතය පිරිසිදු කරන හිරු ආලෝකය නිවෙස අභ්‍යන්තරයට යහමින් කැඳවා ගැනීම ඊට හොඳම පිළියමයි.

කීර්ති එස්. කුමාර
Femina ඇසුරිනි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>