TT Ads

 

පුංචි දරුවෙක් අසනීප වූ විට දෙමාපියන් විඳින වේදනාව වචනයෙන් විස්තර කරන්න අමාරුයි. විශේෂයෙන් තමන්ට කායික හා මානසිකව දැනෙන වේදනාව තවත් කෙනෙකුට කියාගන්න බැරි වයසේ පසුවන පුංචි දරුවන් ඉන්න අඵත් මව්වරුන් මේ නිසා බරපතල සිත් වේදනාවන්ට පත්වෙනවා.
සාමාන්‍යයෙන් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරගන්න බැරි අවුරුදු තුනට අඩු දරුවන්ට තමන්ට දැනෙන වේදනාවන් සඳහා දක්වන එකම ප‍්‍රතිචාරය වන්නේ හැඞීමයි. නමුත් දරුවන් හඩන සෑම අවස්ථාස්ථාවකම කිසියම් රෝගයක් හෝ අපහසුතාවක් නිසා යැයි වරදවා වටහා ගත යුතුත් නැහැ.
නමුත් දරුවා හ`ඩන ස්වභාවය හා අවස්ථාවන් අනුව හැඩිමට හේතුවන කිසියම් රෝගී තත්වයක් ඇත්දැයි හදුනා ගැනීමට පහතින් අප ස`දහන් කරන කාරණා ගැන අවධානය යොමු කිරීම වැදගත්.
අවුරුදු 1-3 අතරේ පසුවන දරුවන් හැඞීමෙන් තම හැගීම් ප‍්‍රකාශ කිරීම මානසික හා ශාරීරික යන හේතු කාරණා දෙක නිසාම සිදුවිය හැකියි. නමුත් බොහෝ දරුවන් හැඞීම හරහා තම හැගීම් ප‍්‍රකාශ කිරීමට හේතුවන්නේ ශාරීරික පීඩාවන්.
මේ වයසේ පසුවන දරුවන්ට සුලභව ඇතිවන රෝගී තත්වයක් තමයි උදරාබාධ. උදරාබාධ විවිධ හේතූන් නිසා හට ගැනිය හැකියි. කෙසේ වෙතත් මෙහිදී දරුවා බඬේ පැත්තක් අල්ලා හැඞීම ඇඹරීම හෝ ඔවුන්ව සොලවන්නට වත් නොදෙන්න පුඵවන්. මෙවැනි අවස්ථා වලදී බඩ තද ගතියෙන් යුක්ත විය හැකියි. මේ වගේ උදරාබාධ හෝ කැක්කුම් පැයකින් දෙකකින් සුවදායී තත්වයට පත් වූ බවක් නොපෙනෙන්නේ නම් ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
පණු අමාරු මතද උදරාබාධ හට ගැනිය හැකි මුත් එබදු අවස්ථාවලදී කෑම නොගැනීම වමනය හා උදරය විශාලවීම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.
කුඩා දරුවන්ට කැස්සක් සෙම්ප‍්‍රතිශ්‍යාවක් ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත් නිතර මෙම රෝගී තත්වයෙන් පීඩා විඳීනම් ඔවුන් කණ් පැසවීම වැනි රෝගීතත්වයන්ට ලක්විය හැකියි. මෙබදු රෝගී තත්වයන් වලදී දරුවා අධිකව හඩන්නට පුඵවන්. මැද කණ තුළ සෙම සිරවී එ්වා පිටතට එ්ම සඳහා අධිකව පීඩනයක් ඇති කිරීම නිසයි මෙම වේදනාව ඇතිවන්නේ . මෙහිදී ඇතිවන අධික වේදනාව අවුරුදු 8-10 අතර කාලයක් පුරා පීඩාගෙන දෙන්නට පුඵවන්. ඉන් පසුව කණ ඇතුළත අධික පීඩනය නිසා කන් බෙරය පුපුරා (Eardrum)ඇතුළත සෙම පිටතට පැමිනිය හැකියි.
කන් පැසවීම ඉතා සන්කීර්ණ හා අනාගතයේ අතුරු අබාධ රාශියක් ඇතිවීමට හේතුවිය හැකි භයානක තත්වයක්. විශේෂයෙන් මෙම රෝග සඳහා මුල් අවස්ථාවේදීම ප‍්‍රතිකාර කළහොත් කණ් බෙරය පිපිරීමද වළක්වා ගන්න පුඵවන්.
උණ හිසරදය ඇතිවීම පොඩි දරුවන්ටත් පොදුයි. නමුත් මේ වයසේ දරුවකුට හිසරදයක් පමණක් හටගත හොත් ඔබව බාහිර ලක්ෂණ තුලින් හදුනා ගන්න අපහසුය. මිගේ‍්‍රන්් කුඩා දරුවන්ටද හටගැනිය හැකි අතර ඉන් ඇතිවන අධික හිසරදය නිසා දරුවා අධිකව හඩන්නට පුඵවන්.
මූත‍්‍ර ආසදන ඇති අස්ථාවලදී දරුවන් තම වේදනාව හැගීම් තුළන් ප‍්‍රකාශ කළ හැකිය. මුත‍්‍ර පිටකරන අවස්ථාවන් වලදී අධික දැවිල්ලත් සමග වේදනාවක්ද උපදින බැවින් එම අවශ්‍යතාවයන් හිතාමතාම පාලනය කරගැනීමට පෙළඹෙන්නට පුඵවන් .
කුඩා දරුවන්ට ආහාර හදුන්වා දෙන මාස 6-7 කාලයේදී බඩවැල් පෙරළීම ලෙසින් හදුන්වන අන්ත‍්‍රලබනය (Inter Fasception ) නැමති රෝග තත්වයේදී දරුවන් අස්වාභාවික ලෙස තදින් හැඩිය හැකිය. වරින් වර මෙහිදී උත්සන්න වන උදරයේ වේදනාව නිසා එක දිගට තදින් හඩා වැටී ස්වල්ප වේලාවක් නිසොල්මනේ හිඳ නැවතත් යටි ගිරියෙන් කෑ ගසා හඩන්නට පුඵවන්. මෙය බරපතල රෝගීතත්වයක් වන බැවින් නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතාමත්ම වැදගත්.තද නින්දේ පසුවන දරුවන් එක්වරම හඩාගෙන නැගිටින අවස්ථාද තිබෙනවා. බොහෝ දෙමාපියන් සිතන්නේ භයානක සිහින දැකීමෙන් හට ගත් බිය නිසා එසේ දරුවා හඩාගෙන අවධි වන බවයි. නමුත් විවිධ ශාරීරික හේතුන් නිසා නින්දේ පසුවන දරුවකු හඩාගෙන අවදි වීමට පුඵවන. විශේෂයෙන් විටමින් ක්‍ ඌනතාවන් නිසා මෙවැනි තත්වයන් හට ගැනෙනවා. ? නින්දේදි හඩා අවදි වේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කල යුත්තේ ඒ නිසයි.

විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍ය
වයි කුලසේකර

සටහන
සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>