TT Ads

කෝවිඞ් 19 වෛරසය (කොරෝනා) පැතිරී ගිය චීනයේ වුහාන් නගරයේ ඉඳලා අපේ රටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් සති දෙකක නිරෝධායන කාලයකට පස්සේ පහුගිය දවස්වල නිවෙස් බලා පිටත්ව ගියා. මේ සිදුවීමත් එක්ක නිරෝධායන ක්‍රියාවලිය ගැන කා අතරත් කතාබහක් ඇති වුණා.
මේ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරනු ලැබුවේ පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතායි.

 නිරෝධායනය කරනවා කියලා මොනවද කෙරෙන්නේ?
අදාළ පුද්ගලයාව යම්කිසි සැළකිය යුතු කාලයකට අනිත් අයගෙන් වෙන් කර විශේෂිත ස්ථානයක රඳවා තබා ගැනීම තමයි නිරෝධායනය කියලා කියන්නේ. අනිත් රටවල නැති විශේෂිත රෝගයක් හෝ රෝගී තත්ත්වයක් පවතින රටක ඉඳලා වෙනත් රටකට ඇතුළු වෙන පුද්ගලයින් තමයි මේ විදියට නිරෝධායනයට ලක් කරන්නේ.

 නිරෝධායන කාලය තුළ කරන ප්‍රතිකාර මොන වගේද?
නිරෝධායනයට ලක් වෙන පුද්ගලයා වෙනත් රෝගවලින් පීඩා විඳිනවා නම් ප්‍රතිකාර කෙරෙනවා. නිරෝධායනයේදී සිදු වෙන්නේ නිශ්චිත කාලයකට අනිත් අයගෙන් වෙන් කර තබා ගැනීම විතරයි. නමුත් රෝගය ආසාදනය වෙලාද කියලා පරීක්ෂා කර බැලීම නිරන්තරයෙන් සිදු කෙරෙනවා. රෝග ලක්ෂණ මතු වුණොත් හෝ රෝගය ආසාදනය වුණු බව තහවුරු වුණොත් ඒ පුද්ගලයා වෙන් කර ඒ සඳහා වන ප්‍රතිකාර කඩිනමින් කරනවා.

 නිරෝධායනයෙන් රෝග බෝවීම වළක්වා ගන්න පුළුවන් කියලා හඳුනා ගත්තේ කොහොමද?
14 වෙනි සියවසේ වැනීසියේ පැතිරීගිය මහාමාරිය රෝගය මානව ඉතිහාසයේ බරපතලම කාරණයක් විදියට සැළකෙනවා. ඊක්ජන ෘැ්එය කියලා හඳුන්වපු මේ රෝගය නිසා අවුරුදු 4 ක් වගේ කාලයක් තුළ යුරෝපයේ ජනගහනයෙන් සියයට 30 ක් මිය ගිහින් තියෙනවා. රෝගය පැතිරීම අවම කර ගන්න වුවමනා නිසා ඒ කාලේ වැනීසියේ පනවා තිබූ නීතියක් තමයි වැනීසියට එන නැව්වල සිටින අයට ගොඩ බහින අවසර තියෙන්නේ මහ මුහුදේ යම් දුර ප්‍රමාණයකින් දවස් 40 ක් නැංගුරම් දාලා තියලා, ඒ කාලය තුළ කිසිම රෝගී තත්ත්වයක් නැති බවට තහවුරු වුණාට පස්සේ විතරයි කියලා. මේ සිදුවීමේදිත් වෙලා තියෙන්නේ මම කලින් කිව්වා වගේ ඒ නැවේ ඉන්න අයව යම්කිසි කාලයකට අනිත් අයගෙන් වෙන් කර තබා ගැනීමක්.
ඒ වගේම වැනීසියේ සමහර දූපත්වල ක්‘්රුඑ කියලා හැඳින්වූ වෙන් කරන ලද රෝහල් වැනි විශාල ගොඩනැගිලිවල අනිත් අයගෙන් වෙන් කර තබා ගත යුතු පුද්ගලයින්, ඒ කියන්නේ ලාදුරු :ඛැචරදිහ* වගේ තමන්ගේ රටේ නොපවතින රෝගී තත්ත්වයන් ගෙනවිත් ඇති කියලා සැක කරන අයව රඳවා තබාගෙන ඉඳලා තියෙනවා. ලාදුරු රෝගීන් වෙන් කර තබා ගන්න ලංකාවෙත් හැඳළ, මඩකලපුව වගේ නගරවල රෝහල් ඉදි කරලා තියෙනවා.
1969 අවුරුද්දේ පළමු වරට සඳට ගිය ගගනගාමීන් කණ්ඩායම නිරෝධායනය කිරීමත් විශේෂී සිදුවීමක්.

 මේ විදියට පුද්ගලයන් සමාජයේ අනිත් අයගෙන් වෙන් කර තබා ගැනීම නීතියෙන් තහනම් නැද්ද?
සාමාන්‍යයෙන් සෑම රටකම වගේ මේ සඳහා වන ආඥා පනත් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ 1897 දී නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත :ූම්ර්බඑසබැ ්බා ඡරුඩැබඑසදබ දf ෘසිැ්ිැ ්ජඑ* සම්මත කර ගෙන තියෙන්නේ මේ නිසයි. මේ පනතෙන් රට තුළට එන සියලුම ආකාරයේ බෝ වෙන රෝග සහිත පුද්ගලයන් වෙන් කර තබා ගැනීමේ බලය තිබෙනවා. මේ පනතට අනුව කවුරුන් හෝ නිරෝධායනයට අකමැති වුණොත් දඬුවම් දෙන්න වුණත් හැකියාව තියෙනවා. අපේ රටෙත් ඉතා හොඳින් ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන ගුවන් තොටුපොළ සහ වරාය ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා.

 නිරෝධායනය සිදු කරන්නේ මිනිසුන්ට විතරද?
නැහැ. සතුන් සහ ශාක සඳහාත් නිරෝධායනය කිරීම සිදු වෙනවා. සතුන් නිසා වගේම ශාක නිසාත් විවිධ රටවල පවතින බෝවන රෝග වෙනත් රටවලට ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා සතුන් සහ ශාක නියමිත කාලයන් සඳහා විශේෂිත ස්ථානවල වෙන් කර තබාගෙන පරීක්ෂා කිරීම් සිදු කරනවා.

 මාධ්‍යවලින් ප්‍රසිද්ධ වුණා පහුගිය කාලේ වුහාන්වලට යැවූ ගුවන් යානය පවා නිරෝධායනයට ලක් කළා කියලා?
ඇත්තටම එතනදී සිදුවෙන්නේ නිරෝධායනයකට වඩා විෂබීජහරණයක්. සාමාන්‍යයෙන් වෛරසවලට වැඩෙන්න සුදුසු පාරිසරික තත්වයක් පවතින්නේ ජීවී සෛලයක් තුළ විතරයි. අජීවී ද්‍රව්‍ය තුළ වෛරසයකට වැඩෙන්න අවශ්‍ය පාරිසරික සාධක නැහැ. ඒ නිසා අජීවී ද්‍රව්‍ය විෂබීජනාශක මගින් විෂබීජහරණය කිරීම ප්‍රමාණවත්. ජීවීන් වගේ දවස් ගණන් වෙන් කර තබා නිරෝධායනය කිරීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අජීවී දේවල් වගේම භූගෝලීය වශයෙන් තෝරාගත් විශාල ප්‍රදේශ පවා නිරෝධායනය කරන්න පුළුවන්. ඒකට කියන්නේ ක්‍දරාදබ ී්බසඒසරු එහෙම නැත්නම් ඛදජනැා ාදඅබ කරනවා කියලා. මේ දවස්වල චීනයේ නගර කීපයක්ම ක්‍දරාදබ ී්බසඒසරු කරලා තියනවා. එතනදී වෙන්නේ මේ පුද්ගලයන් ඒ ප්‍රදේශවලින් පිටවීම සහ ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමයි.

 අජීවී ද්‍රව්‍යවල විෂබීජහරණය හරියට සිදු වෙලා තියනවාද කියලා දැන ගන්නේ කොහොමද?
ඒක කරන්නේ කොහොමද, යොදා ගන්නේ මොනවගේ දේවල් ද කියන කාරණා ගැන සම්මත වුණු නිර්දේශිත ක්‍රමවේද තියෙනවා. ඒ වගේම එයට සුවිශේෂී නිපුණතාවකින් යුතු විශේෂඥ කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා කිසිම අතපසුවීමක් හෝ වරදක් සිදුවෙන්න කිසිම ඉඩක් නැහැ.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>