TT Ads

අවශ්‍ය ද්‍රව්‍ය:-

  • මොයිස්චරයිස ක්‍රීම්
  • ටුයිසරය
  • කතුර
  • Eyebrow pencil
  • Eyebrow brush
  • ටෝනර්
  • පුළුන්

ඇහිබැම සකස් කිරීම තුළින් ඕනෑම කෙනෙකුගේ මුහුණෙහි විශේෂ සුන්දරත්වයක්, පිළිවෙලක් දැකිය හැක. එහිදී මුහුණේ හැඩයට, දෙඇස් පිහිටා ඇති ආකාරයට සහ ඇහිබැමි සකස් වී ඇති ස්වභාවික ස්වරූපයට ගැළපෙන පරිදි ඇහිබැම සැකසීමටද වග බලා ගත යුතුය. ඔබ මෙය වෘත්තියක් ලෙස කරන්නේනම් ඇහිබැම සැකසීමට පැමිණෙන සේවාදායකයා සමග ස්ථිර තීරණයකට එළඹෙන්න. නිතරම සේවාදායකයාගේ කැමැත්තට මුල්තැන දී කටයුතු කරන්න. ඒ සඳහා අවශ්‍ය උපකරණ නිතරම පිරිසිදුව තබාගත යුතුය. වර්ථමානයේ යුවතියන් සතියකට වරක් වත් ඇහිබැම සකසන අතර එමගින් ඔබේ ආදායමද ඉහළ නංවා ගත හැක.
තමන් තනිවම නිවසේදී ඇහිබැමි සකසන්නේ නම් නෑමෙන් පසු සකස් කිරීම වඩාත් පහසු වේ.

නිවසේදී ඇහිබැමි සකස් කරගන්නා ආකාරය

  • පළමුව ක්ලෙන්සර් කරගන්න.
  • Eyebrow brush එකකින් උඩු අතට පීරා ගන්න. ටුයිසරයක් ආධාරයෙන් ඔබට නිවසේදීම ඇහිබැම සකස් කරගත හැක.
  • ඇහිබැමි අතර ඇති අනවශ්‍ය රෝම යටින් ඉවත් කරන්න පටන් ගන්න.
  • මැදඟිල්ල සහ දබරඇඟිල්ල උපයෝගී කරගෙන ඇස වටා ඇති සම ඇද රෝම ගැලවීම කරගත හැක.
  • පසුව ඇහිබැමිට ඉහලින් ඇති රෝම ඉවත් කරගන්න.
  • අවසානයේ ටෝනර් කිරීම හෝ අයිස් වතුරෙන් පෙඟවූ පුළුන් තබන්න. අයිස් කැට තැබීමෙන් වළකින්න.
  • ඇහිබැම අඩුපාඩු ඇත්නම් තද දුඹුරු පැහැ අයිබ්රෝ පැන්සලකින් අඩුපාඩු සකසන්න.
  • සාමාන්‍යයෙන් ඇහිබැමි ගැලවීම උඩ සිට සිදු කරන්නේ නැත.
  • 5 වන රූපයේ පරිදි ඇහිබැම ඇත්නම් එය උඩට පීරා කැපීම අත්‍යවශ්‍ය වේ.
  • ශල්‍යකර්මයක් කර ඇති විටෙක, වැටීමකට ලක්වී, ඇහිබැමි තුවාල වී, ඇහිබැමි අඩුපාඩු වී ඇති තැන්වල Dark Brown Eyebrow pencil එකකින් touch කිරීමට හැකිය.

 

ඇහිබැමි සකසන විට මිමි ගන්න ආකාරය ඊළඟ සතියේ බලාපොරොත්තු වෙන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>