TT Ads

ගායන ශිල්පිනියක් ලෙස ” දෙරණ ලිට්ල් ස්ටාර්” වැඩසටහන හරහා කරළියට ආ මනීෂා චංචලා,රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය වැඩිපුරම දිනාගත්තේ ” සිඳූ” ටෙලිනාට්‍යයේ ”තෙරුණි”ගේ චරිතයෙන්.අදවනවිට නිවේදිකාවක් ලෙසත් කාර්යබහුලවී සිටින මනීෂාගේ පෞද්ගලික ජීවිතයේ ලොකු වෙනසක් සිදුවෙලා කියලා අපට ආරංචි වුණා.ඒ වෙනස ගැන ඇය රැජිනිය ට හෙළිකළේ මේ විදියටයි.

දීර්ඝ නිවාඩුවකට පස්සේ මනීෂා ආයෙමත් වැඩ පටන්ගත්තාද?
ඔව්.හැමෝටම වගේ මටත් පහුගිය කාලේ ගෙදරටම වෙලා ඉන්න සිද්ධ වුණා.මොකද,ටෙලිනාට්‍යවල රූගතකිරීම් පවා ටික කාලෙකට නැවතිලයි තිබුණේ.දැන් ආයෙමත් ටික ටික වැඩ පටන් ගන්නවා.

රංගන කටයුතුවලට විතරද මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නේ?
නැහැ.සුපුරුදු විදියට මම ” සිදූ ” ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා.”සිහින සමාගම” කියන අලුත් ටෙලිනාට්‍යය ජුනි 01 වැනිදා ඉඳන් ස්වර්ණවාහිනියෙන් විකාශය ආරම්භ වුණා.ඒ හැරුණාම,ස්වර්ණවාහිනියේ හද රැඳි පැය වැඩසටහනට නිවේදිකාවක් විදියට මම දායක වෙනවා.සඳුදා සිට සිකුරාදා දක්වා දහවල් 11 ට තමයි ඒක විකාශය වෙන්නේ.
ඔබේ කලා ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් ලොකු වෙනසක් සිද්ධ වෙලා.ඔබේ ජීවිතයට ඒ වෙනස ගෙනාපු පෙම්වතා කවුද?
එයා කලිඳු කරුණාරත්න.දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදකයෙක් විදියට තමයි හැමෝම කලිඳුව හඳුනන්නේ.


කලිඳුව ඔබට මුණගැහුණෙත් දෙරණ නාලිකාවේදීමද?
ඔව්.දෙරණ නාලිකාවම තමයි අපි දෙන්නා මුණගැස්සුවේ.මට මුලින්ම කලිඳුව හමුවුණේ මම දෙරණ නාලිකාවේ සහාය නිෂ්පාදකවරියක් විදියට සේවය කරපු කාලේ.නමුත් ඒ කාලේ අපි දෙන්නා අතරේ වැඩිපුර කතාබහක් තිබුණේ නැහැ.කාලයකට පස්සේ අපි ආයෙමත් මුණ ගැහිලා හොඳම යාළුවෝ බවට පත්වුණා.පසුව ඒ යාළුකම ආදර සම්බන්ධයක් බවට පෙරළුණා.ඇත්තටම ඒක හරිම අහම්බෙන් සිද්ධවෙච්ච දෙයක් කියලා කීවොත් නිවැරදියි.

ඔබ ඇයි ඔහුට කැමැත්ත දුන්නේ?
කලිඳු කියන්නේ බොහොම අව්‍යාජ ගතිගුණ තියන කෙනෙක්.එයාගේ හොඳ ගතිගුණ දැකලා තමයි මම එයාට කැමති වුණේ.ඇත්තටම කලිඳුව මුණගැහුණු එක ම්ගේ ජීවිතයේ සිද්ධවෙච්ච ලොකු වෙනසක්.ඒ වගේම කලිඳු වගේ කෙනෙකුගෙ සහකාරිය වෙන්න ලැබීම මගේ ලොකු වාසනාවක් කියලයි මට හිතෙන්නේ.
දෙන්නා එක වහළක් යටට එන්නේ කවදාද?
අපි දෙන්නා එකම සැලසුමකට තමයි වැඩකටයුතු කරගෙන යන්නේ.ඉතින් අද හදිසියේ අද හෙටම විවාහ වෙන්න අදහසක් අපි දෙන්නාටම නැහැ.විවාහයට සූදානම් වුණු හැටියේ ඒ ගැන ” රැජිනිය” ට කියන්නම්.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>