TT Ads

ඔබ අධ්‍යාපන කටයුතු අවසන්ව රැකියාවක් ලැබෙන තුරු නිදහසේ කාලය ගත කරන තරුණියක් වුවද කාර්ය බහුල ගෘහණියක් මවක් වුවද එසේත් නැත්නම් විශ්‍රාමික සුවයෙන් කාලය ගත කරන තැනැත්තියක වුවද වැඩි වෙහෙස මහන්සි වීමකින් තොරව පහසුවෙන් යොමු විය හැකි වගාවකි ඕකිඞ් වගාව.

ඕකිඞ් වගා කිරීම තුළ අනිවාර්යයෙන්ම විවිධ හැඩති, විවිධ වර්ණ මල් වර්ග දකින කළ නෙත පින වී සිත සැනසේ. එය කවරෙකුට වුවද මහත් සහනයකි. අස්වැසිල්ලකි. එපමණක් නොව ඕකිඞ් වගාව කැපුම් මල් වගාවක් ලෙසත් පැළ වෙළඳාම ලෙසත් අතමිට සරුවන කදිම ව්‍යාපාරයකි.

උඩවැඩියා හෙවත් ඕකිඞ්වචනාර්ථයෙන්ම අපි ශාක ලෙස වැඩෙන අතර ඊට පරිබාහිරව බඳුන් තුළද කදිමට පහසුවෙන් වර්ධනය කරගත හැක. Orchidaceae නම් කුලයට අයත් වන ඕකිඞ් විවිධ දේශගුණික තත්ව යටතේ වර්ධනය වන අතර මලේ ප්‍රමාණය, හැඩය හා පැහැය අනුව විශේෂ ගණනාවකි. ඒ අතර මල් හා පැළ ප්‍රදර්ශනවල බහුලව දක්නට ලැබෙන වැන්ඩා, කැට්ලියා, වෙන්ඩ්‍රෝබියම්, පැලනොප්සිස් වැනි ඕකිඞ් ගන ඉතාම විශේෂය. චින්තාකර්ෂණීයය. සැබැවින්ම ඕකිඞ් යනු ස්වාභාවිකව සිංහරාජය වැනි වර්ෂා වනාන්තරවල වැඩෙන පැළෑටියකි. ඒ නමුත් උසස් ගුණත්මයකින් යුතු ඕකිඞ් මල් හා පැළ ලබා ගැනීමට දේශගුණික තත්ව ප්‍රශස්තව සැපයීම ප්‍රතිඵලදායකය. ඕකිඞ් තෙත් කලාපයට බෙහෙවින් සුදුසු ශාකයකි. වගාව සඳහා 75%ක පමණ වායුගෝලීය ආර්ද්‍රතාවයක් අවශ්‍යවේ. එසේම ඕකිඞ් සඳහා සෙල්සියස් අංශක 20-30 අතර දිවා උෂ්ණත්වයක අවශ්‍ය වන අතර රාත්‍රී උෂ්ණත්වය ඉන් අර්ධයකට ආසන්නව පැවතීම ශාක හොඳින් වර්ධනයට හිතකරය.

මෙම උෂ්ණත්ව පරාසය ඕකිඞ් ප්‍රභේද අනුව සුලු වශයෙන් විචලනය වේ. කෙසේ නමුත් ප්‍රශස්ත උෂ්ණත්වයක් ලැබීම තුළ ශාක නීරෝගීව වර්ධනය වනවා සේම, මල් හට ගැනීමද, හට ගන්නා මල් සංඛ්‍යාව හා ඒවාහි ගුණාත්මකය වැඩි වීමටද සිදුවේ. ඕකිඞ් හොඳින් සාමාන්‍ය සූර්යාලෝකයට ඔරොත්තු දෙන ශාකයකි.

ශාකය සූර්යාලෝකයට සංවේදී නිසාවෙන් ආසන්නව 50%-60% අතර සූර්යාලෝකයක් ලැබීමක් ශාක වර්ධනයට හිතකරය. ඒ නමුත් දැඩි සූර්යාලෝකය මෙන්ම අඩු සූර්යාලෝකයද ශාක වර්ධනයට හිත කර නොවේ. මෙනිසා සෙවණ දැල් උපයෝගී කරගනිමින් වගාවට අවශ්‍ය සෙවණ සැපයීම ඉතාම අවශ්‍යය. විශේෂයෙන් ළපටි වර්ධනය වන පැළ සඳහා සෙවණ වැඩිපුර අවශ්‍යවේ.

ඕකිඞ් වර්ග අතර බහුලව දක්නට ලැබෙන ඩෙන්ඩ්‍රෝබියම් විශේෂ ලෙසත් දෙමුහුම් මාදිලි ලෙසත් බොහෝය. ඩෙන්ඩ්‍රෝබියම් දිගු ව්‍යාජ බල්බ සහිත බහුපාදී වර්ධන ශාකයකි. වෙන්ඩ්‍රෝබියම්හි එම දිග ව්‍යාජ බල්බවල අග්‍රස්ථයෙන් හෝ දාරයෙන් නා නා වර්ණ වලින් යුතු දිගු පුෂ්ප මංජරී හටගනී. කැපුම් මල් වගාව සඳහා බහුලව භාවිතා කරන පැලනොප්සිස් වර්ගයේ මල් පිරුණු පෙති වලින් යුතු විශාල අලංකාර මල්ය. ඒවා විවිධ වර්ණයෙන් යුතු වන අතර ඇතැම්වා ද්වි වර්ණවලින් යුතුය. පැලනොප්සිස් වර්ගයේම කේන් නමැති වර්ගයේ එකවර මල් කිනිති කිහිපයක් හටගනු දැකිය හැක.

වැන්ඩා ලෙස ප්‍රකට ඕකිඞ් වර්ගය අඛණ්ඩ වර්ධනයකට හිමිකම් කියන ඒකපාදී ඕකිඞ් විශේෂයකි. විවිධ වර්ණයෙන් යුතු දර්ශනීය දැකුම්කළු මල් මේ වර්ගයේ හට ගන්නා අතර ඒවා බොහෝ කල් පවතී. කැට්ලියා වැනි මල් බහුපාදී වර්ධනයකට හිමිකම් කියන තරමක් විශාල මල්ය. ඒවා තනි වර්ණ වලින් මෙන්ම ද්වි වර්ණවලින්ද යුතුය. මීට අතිරේකව බොහෝ ගෙවතුවල අලංකාරයට වවන ඕකිඞ් වර්ගයකි. ගෝනුසු හැඩැති ඕකිඞ් මල්. එම වර්ගයද වර්ණ කිහිපයකින්ම යුතු වන අතර මල්වල වර්ණ රැසක්ද පැවතීම විශේෂත්වයකි.

ඕකිඞ් බීජ මගින් මෙන් වර්ධක කොටස් මගින් ප්‍රචාරණය වන ශාකයකි. සාමාන්‍යයෙන් බීජ මගීන් ප්‍රචාරණය කිරීම පරීක්ෂණාගාර තුළ සිදුවේ. එහිදී ලැබෙන පැළ සමූහ බඳුන්ගත කිරීම පරීක්ෂණාගාර තුළ සිදුවේ. එහිදී ලැබෙන පැළ සමූහ බඳුන් ගත කිරීමෙන් මාස 3-4 කට පසු බඳුන් වල සිටුවා ගැනීම සිදුවේ. මේ සඳහා මැටි මෙන්ම ප්ලාස්ටික් බදුන් බොහෝ විට භාවිතයේ යෙදේ. වර්ධක ප්‍රචාරණය ක්‍රම කීපයකට සිදුවේ. ඒ ව්‍යාජ බල්බ, වායාව අංකුර, අග්‍රස්ථ කැබළි හා ශාකයේ කොටස් බෙදීම මගිනි. ව්‍යාජ බල්බ මගින් ප්‍රචාරණයේදී පරිනත ශාකයන්හි ව්‍යාජ බල්බ වෙන් කර තෙත වැලි මාධ්‍යයක සිටුවීම සිදු කෙරේ.

සිටුවා මාස 1 1/2ක් පමණ ගත වන විට ව්‍යාජ බල්බ කොටස් වෙන් වෙන් වශයෙන් සිටුවිය හැක.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>