TT Ads

බිරියානි, නාසිගුරාන්, ෆ්‍රයිඞ්රයිස් රසය අපේ දිවට හුරු පුරුදු වුණත් මොන්ගෝලියන් රයිස් අපේ කෑම මේසයට තරමක් ආධුනිකයි. වෙනස් වන අලුත්වන නත්තල් කෑම මේසයට මේ අපූරු රසය හඳුන්වාදෙන හේතුවත් එකී රසවත් වෙනසයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • සූදුරු සම්බා හෝ බාස්මතී ග්‍රෑම් 500ක්
  • සිහින්ව තීරු කපාගත් කුකුළු මස් ග්‍රෑම් 50ක්
  • සිහින්ව තීරු කපාගත් එළුමස් ග්‍රෑම් 50ක්
  • මධ්‍යම ප්‍රමාණයේ ඉස්සන් ග්‍රෑම් 50ක්
  • සිහින්ව තීරු කපාගත් දැල්ලන් ග්‍රෑම් 50ක්
  • බේකන් ස්වල්පයක්
  • සිහින්ව කපාගත් සුදු ලූනු බික් 5ක් හෝ 6ක්
  • ග්‍රීන් බෙල් පෙපර් 01ක්
  • රෙඞ් බෙල් පෙපර් 01ක්
  • යෙලෝ බෙල් පෙපර් 01ක්
  • ඇට ඉවත් කළ තක්කාලි ග්‍රෑම් 50 ක් පමණ
  • තලාගත් ඉඟුරු ග්‍රෑම් 10ක්
  • සෝයා සෝස් තේ හැඳි 01ක්
  • සැල්දිරි ග්‍රෑම් 25ක්
  • තෙල් මේස හැඳි 2ක්
  • කැබැලි මිරිස්, ඔයිස්ටර් සෝස් තේ හැඳි 01ක්
  • තක්කාලි සෝස් මේස හැඳි 1ක්

 

සාදා ගන්නා ආකාරය

භාජනයකට තෙල් දමා සුදු ලූනු, ලූනු, ඉඟුරු දමා තෙම්පරාදු කර කුකුළු මස්, ඉස්සෝ, දැල්ලන් දමාගන්න. එය විනාඩි 2ක් පමණ පිසුණු පසු තක්කාලි, බෙල්පෙපර්, මිරිස් කැබැලි දමා තම්බා ගත් බත් එක් කරන්න. අනතුරුව එයට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස් හා ලුණු එක්කර හොඳින් කලවම් කරන්න.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී ඉසාර සඳරුවන්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>