TT Ads

# ඉඟුරු සෝඩා

අවශ්‍ය ද්‍රව්‍ය

සෝඩා වීදුරු 2
ඉඟුරු යුෂ තේ හැඳි 2
මීපැණි තේ හැඳි 2

සාදන ආකාරය
සෝඩා වීදුරුවලට දමන්න.දැන් එයට ඉඟුරු යුෂ තේ හැන්දක් සහ මී පැණි තේ හැන්දක් බැගින් දමා බීමට ගන්න.

 

# ඉඟුරු කෝපි

අවශ්‍ය ද්‍රව්‍ය
තරමක ඉඟුරු කැබැල්ලක්
කෝපි කුඩු මේස හැඳි 2ක්
වතුර ලීටරයක් පමණ

සාදන ආකාරය
ඉඟුරු සිහින් පෙතිවලට කපාගන්න.දැන් බඳුනක් ළිප තබා රත්වනවිට ඉඟුරු දමා තරමක් බැදෙන්නට හරින්න.කෝපි කුඩු ටිකද දමා බැදගන්න.ඉන්පසු නටන වතුර දමා ළිප නිවා හොඳින් වසා තබන්න.පෙරා බීමට ගන්න

 

# කුරුඳු තේ

අවශ්‍ය ද්‍රව්‍ය
ග්‍රීන් ටී පැකට් 2
කුරුඳු කුඩු තේ හැඳි 1/2
තලාගත් ඉඟුරු කැබැල්ලක්

සාදන ආකාරය

මේවා වතුර දමා හොඳින් තැම්බෙන්නට හැර පෙරා හකුරු කැබැල්ලක් සමග බීමට ගන්න.

# කළුදුරු වෙනිවැල්ගැට පානය

අවශ්‍ය ද්‍රව්‍ය
වෙනිවැල්ගැට කුඩා කැබලි තේ හැඳි 2
කළුදුරු තේ හැඳි 1/2

සාදන ආකාරය
මේවා හොඳින් වතුර දමා තැම්බෙන්නට හරින්න.පෙරා බීමට ගන්න

උපදෙස්
කොළඹ 10 සෙන්ට්‍රල් පෞද්ගලික රෝහලේ ප්‍රධාන විධායක සූපවේදී විමල් නාගොඩවිතාන
(නිර්මලා කුමාරි සේනාරත්න)

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>