TT Ads

නත්තල ගෙවී ගිහින් දිනයක් දෙකක් ගත වුණත් උත්සව උණුසුම වගේම අමුත්තන්ගෙනුත් අඩුවක් පාඩුවක් නැහැ. මේ දවස්වල පැණිරස කෑම ඒකාකාරී හැඟීමක් දැනෙන නිසා අමුත්තන්ව නැවුම් අත්දැකීමකින් පුරවමුද?
ෆ්‍රෙන්ච් බ්‍රෙඞ් එකක් අරන් මුලින්ම පොඩි අත්හදා බැලීමක් කරන්නකෝ.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

 

  • ෆ්‍රෙන්ච් බ්‍රෙඞ් කැබැලි 10ක්
  • ඉස්සෝ 10ක්
  • බී ලූනු ගෙඩි 01ක්
  • අමු මිරිස් කරල් 01ක්
  • මිරිස්කුඩු තේ හැඳි 01ක්
  • තක්කාලි සෝස් මේස හැඳි 02ක්
  • ලුණු හා ගම්මිරිස් රස අනුව
  • මාළු මිරිස් කරල් 01ක්
  • බටර් ස්වල්පයක්
  • තෙම්පරාදු කිරීමට තෙල්

 

සාදා ගන්නා ආකාරය

 

මුලින්ම ෆ්‍රෙන්ච් බ්‍රෙඞ් කැබැලිවලට බටර් ගා ටෝස්ට් කර පසෙකින් තබා ගන්න. ඉන්පසු ලූනු, අමුමිරිස් කුඩා කොටු කපා ගන්න. අනතුරුව භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කර ලූනු, අමුමිරිස්, මාළු මිරිස්, මිරිස්කුඩු, ගම්මිරිස්, ලුණු දමා තෙම්පරාදු වූ විට ඉස්සෝ එක්කර විනාඩි 03ක් පමණ තෙම්පරාදු කර ළිපෙන් බාගන්න. මේ මිශ්‍රණය ටෝස්ට් කරගත් ෆ්‍රෙන්ච් බ්‍රෙඞ් එක උඩ පේස්ට් එකක් ලෙස අතුරන්න. ඉස්සෝ තෙම්පරාදුවේ උඩින් තැබූ විට තවත් අලංකාර කරගත හැකියි.

 

උපදෙස් – ප්‍රවීණ සූපවේදී සුජිත් ආරියරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>