TT Ads

 

මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල පාසල් දරුදැරියන්ගේ නීරෝගී බව සුරැුකීම අරමුණු කරගනිමින්,  ප්රතිකාර සඳහා විශේෂ වට්ටම් පෙළක් හඳුන්වා දී තිබේ. මේ අනුව සෑම පාසල් ශිෂ්ය ශිෂ්යාවකගේම නේවාසික පහසුකම් සදහා 20% ක වට්ටමක්ද රසායනාගාර පරීක්ෂණ සඳහා 10%ක සහ සාත්තු සේවාවන් (Nursing care) සඳහා 10% වට්ටමක් පිරිනැමීමට රෝහල් කළමනාකාරීත්වය තීරණය කර ඇත. මෙම සුවිශේෂී වට්ටම් වැඩසටහන 2020 ජනවාරි 20 සිට පෙබරවාරි 20 දක්වා වන කාලය සඳහා වලංගු වේ.
පාසල් දරු දැරියන් වෙනුවෙන් රජය මීට පෙර හඳුන්වාදී තිබූ සුරක්ෂා රක්ෂණවරණයට සමගාමීවද පන්නිපිටිය පෞද්ගලික රෝහල සිසු දරු දැරියන් සඳහා විශේෂ වට්ටම් පෙළක් හඳුන්වාදී තිබූ අතර එහි ප්රතිලාභ තවදුරටත් පුළුල් කරමින් මෙම නවතම වැඩසටහන හඳුන්වා දුන් බව රෝහල් සභාපති සහ කළමණාකාර අධ්යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය. ”රටේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර නීරෝගීමත් ලෙස හැදී වැඩෙනු දැකීමයි වගකීමෙන් යුත් රෝහලක් ලෙස අප රෝහලේ බලාපොරොත්තුව වන්නේ. එබැවින් දැයේ දරුවන්ට නීරෝගී දිවිපෙවෙතක් උරුම කර දීම උදෙසා අප මේ වනවිට සත්කාරක වැඩසටහන් රැුසක් ක්රියාවට නංවා තිබෙනවා. එ් අනුව පාසල් දරු දැරියන් වෙනුවෙන් මේ වසරේ දියත් කරන පළමු සත්කාරක වැඩසටහන ලෙස ඔවුන්ගේ ප්රතිකාර සඳහා සුවිශේෂී වට්ටම් පෙළක් අප හඳුන්වා දුන්නේ ඉතා සතුටින්. සුරක්ෂා රක්ෂණාවරණය නැවත ක්රියාත්මක වනතුරු මෙරට ¥ දරුවන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් මෙම සුවිශේෂී වැඩසටහන හරහා විශාල සහනයක් අත්වේ යැයි අප විශ්වාස කරනවා” යනුවෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය. වයස අවුරුදු 18 ට අඩු සිසු දරු දැරියන් සැමට පන්නිපිටිය පෞද්ගලික රෝහලෙන් මෙම සුවිශේෂී වට්ටම් හිමිකර ගත හැකිය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>