TT Ads

පතරොම් කොටස් සියල්ල 55% විශාල කර ෆොටෝ කොපි ගසා වෙන වෙනම පිටපත් කරගන්න. ඉදිරි පලුව ඉරට වාටියේ සිට 1½ (ෆේසිමට) තබා පලු 2ක් කපන්න.

පසු පලුව නැම්මට තබා යෝක් කොටස් 2ක් හා පහළ කොටස් 1ක් කපන්න.
අත් දෙකේ නැම්මට තබා කපන්න.

පොකට් එක පතරොමේ මිම්මට වඩා වාටියට සහ වටේ නැවීමට ඉඩ තබා කපන්න.

කොලර් එක ස්ටිප් කොටස් 1 පතරොමේ ප්‍රමාණයටද වටේට සෙ. මී. 1 ඉඩ තබා රෙදි කොටස් දෙකක්ද කපන්න.

කොලර් එක රෙදි කොටසකට අලවා යට වාටිය උඩට නවා මසා අනෙක් රෙදි කොටස මත තබා වටේ මසා හරවා ගන්න.
අත් දෙකේ වාටිය මසා ගන්න.

පොකට් එකේ වාටිය මසා වටේ පතරොමේ ප්‍රමාණයට නවා අයන් කර ගන්න. පතරොමේ මිම්මටම ලකුණු කරගෙන පොකට් එක වම්පස පලුවට අල්ලා ගන්න. පිටුපස පලුවේ පහළ කොටසේ දෙපසට යෝක් කොටස් දෙක තබා මූට්ටු කර උඩට හරවා ගන්න.

 

උරහිස් මූට්ටු කරන්න. (නොපිට නොපෙනෙන සේ මසන ක්‍රමයක් ඇත. මෙසේ පැහැදිලි කිරීම අපහසුය) අත්කට මැද ලකුණු කර අත් දෙක අල්ලා ගන්න. සකස් කරගත් කොලර් එක අල්ලා ගන්න. දෙපස මසා වාටිය මසන්න. 3” න් 3ට ලකුණු කර බොත්තම් කාස මසා බොත්තම් අල්ලා ගන්න.

 

බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාසලේ උපදේශිකා – ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනී
මානෙල් ප්‍රේමතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>