TT Ads

ඉන්දියානු ආහාර සම්ප්‍රදායේ ගුලාබ් ජමූන් රජුන් ලෙස කිරුළු පළඳින්නේ, එය ආදරයේ සංකේතය ලෙස ඔවුන් හඳුන්වන නිසයි. ඉන්දියානු හෝටලයකින් පැණි බේරෙන ගුලාබ් ජමූන් රස විඳලා තිබුණත් ගෙදර හදා ගන්න නම් ඔබ උත්සාහ කර නැතුව ඇති.

මේ සඳහා ද්‍රව්‍ය:-

  • බටර් ග්‍රෑම් 250ක්
  • කිරිපිටි ග්‍රෑම් 550ක්
  • තිරිඟු පිටි ග්‍රෑම් 100ක් (පාන් පිටි)
  • බේකින් පවුඩර් ග්‍රෑම් 20ක්
  • එනසාල් කුඩු තේ හැඳි 1/2ක්
  • බිත්තර 7ක්
  • රෝස වතුර මේස හැඳි 2ක්

 

සාදා ගන්නා ආකාරය:-

බටර් ශීතකරණයෙන් ගෙන මද වේලාවක් පිටතින් තබා තරමක් දියවූ විට භාජනයට දමා ගන්න, එයට කිරිපිටි, පාන් පිටි, බේකින් පවුඩර්, එනසාල්, බිත්තර, රෝසවතුර එකතු කර විනාඩි 6ක් හෝ 7ක් හොඳින් කලවම් කර ගන්න. ඉන්පසු මෙම මිශ්‍රණය පැයක් පමණ ශීතකරණයේ තබා කුඩා බෝල සාදා ගන්න. අනතුරුව එම බෝල ගැඹුරු තෙලේ බැද ගන්න. එසේ බැදගත් බෝල සීනි සිරප් එකේ ගිල්වා දවසක් පමණ තබා ආහාරයට ගන්න.

(සීනි සිරප් එක සාදා ගැනීමේදී සීනි ග්‍රෑම් 250කට වතුර අඬු කොප්ප 1/4ක් පමණ එකතු කර ඝන සීනි ද්‍රාවණයක් සාදා ගන්න.)

උපදෙස් මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේ
කෙනඩි ජයමාන්න
සහය – සූපවේදිනි රමණි පීරිස්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>