TT Ads

නම කියනකොට දිව පැටලෙනවා වාගේ දැනුණට පැනාකොටා කන කොට දිව නැටවෙන එක නම් නවත්තන්න බැහැ. අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩිංවල රසට දෙවැනි නොවන පැනාකොටාවල රසය අත් විඳින්න දැන් ඔබටත් පුළුවන්.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

  • ෆ්‍රෙෂ් ක්‍රීම් ලීටර් 01ක්
  • සීනි ග්‍රෑම් 250ක්
  • ජෙලටින් ග්‍රෑම් 20ක්
  • කැමැති රසයකින් රසකාරකයක් හෝ චොකලට් සිරප්
  • කැමැති වර්ණකයක්
  • වැනිලා ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

ෆෑන් එකක් ගෙන එයට ෆ්‍රෙෂ් ක්‍රීම් හා සීනි එක්කර රත් කරන්න. මේ මිශ්‍රණය නටන තෙක් නොතබා රත්වන විට ළිපෙන් බාගන්න. අනතුරුව කෝප්පයකට ජෙලටින් ටික දමා වතුර ස්වල්පයක් එක්කර එය දිය කර ගන්න. පසුව ජෙලටින් ටික උණුවෙන්ම ෆ්‍රෙෂ්ක්‍රීම් මිශ්‍රණයට දමා හැඳි ගා එයට වැනිලා එක් කරන්න. මේ මිශ්‍රණය කොටස් 2කට වෙන් කර එකකට කැමැති රසකාරකයක් හා වර්ණකාරකයක් එක්කර විනිවිද පේන කුඩා වීදුරු කෝප්පවල අසුරා සෙට් වන තෙක් ශීතකරණයේ තබන්න.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>