TT Ads

සිරුරේ මාංශ පේෂීන් මනාසේ ක්‍රියාකාරි නොවීම තුළ ශරීර ශක්තිය පුබුදුවාලීමට එය බාධාවක් බවට පත්වේ. ශරීර අවයවයන්හි යහපත් පැවැත්ම සහ මනා ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ නිරෝගි හා ශක්තිමත් නහර පද්ධතියට පින්සිදු වන්නටයි.
ජීවිතය ජීවත් කරවන ත්‍රිවිධ බලකණු වන්නේ හෘදය පෙණහලු සහ මොළයේ ක්‍රියාකාරිත්වයයි. හෘදය පෙණහලු සහ අනෙකුත් අවයවයන් මනාසේ ක්‍රියාකාරි වීමට හෝ එසේ නොවීමට මොළයට සහ කොඳු නාරටියට සම්බන්ධ නහර පද්ධතියේ ක්‍රියාකාරිත්වය බලපායි. කොඳු ඇටපෙළට හා මොළයට සම්බන්ධ නහර පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිරෝගී සම්පන්නව සහ මනාසේ පවත්වා ගැනීමට යෝගාසන තුළින් ලැබෙන පිටිවහල අපමණයි. අද අප ඔබට හඳුන්වා දෙන පරිගාසනයද එබඳුම වූ නිරෝගි සම්පන්න ජීවිතයක් ඔබට උරුම කර දෙන තවත් අගනා යෝගාසනයකි.

පරිගාසනයට පිවිසෙන ආකාරය

 

■ වජ්‍රාසනයට පිවිසෙන්න. (දෙපා මත වාඩි වී දෙඅත් කලවා මත තබා ගන්න.)
සිරුර ලිහිල් කොට මද වේලවක් වජ්‍රාසනයේ රැඳී සිටින්න.
■ දණහිස වලින් සිට ගන්න.
■ දකුණු පාදය දකුණු දිශාවට දිගු කර විලුඹ පොළොවට තද කර තබා ගන්න.
■ දෑත් දෙපසට විහිදුවන්න.
■ දකුණු අත දකුණු පාදය දෙසට යොමු කර එහි අල්ල වළලුකර මත රඳවන්න.
■ සිරුර දකුණු පසට බර කරන්න. වම් අත ඔසවා එහි බාහුව කන්පෙති මත ස්පර්ශ වන               ආකාරයට කඳ කොටස දකුණු පසට බර කරන්න.
■ වම් අත ඔබට හැකි උපරිමයෙන් දකුණු පාදය වෙත යොමු කර අල්ල දකුණු අත මත                   රඳවන්න. (වම් හා දකුණු අත් බාහු කන් දෙපස ස්පර්ශවන ආකාරයට තබා ගන්න.)
■ මේ ආකාරයට දකුණු පසට බරව තත්පර 30 – 60 අතර කාලයක් රැඳී සිටින්න.
■ වම් පසටද බර වෙමින් මාරුවෙන් මාරුවට සිව් වතාවක් පමණ අභ්‍යාසයේ යෙදෙන්න.
■ අවසානයේ මද වේලාවක් වජ්‍රාසනයේ විවේක ගන්න.

පරිගාසනයේ ප්‍රතිඵල

■ උදර ඉන්ද්‍රියයන් මනාසේ ප්‍රාණවත් කරවයි.
■ ඉඟ දෙපස මේදය තැන්පත් වීම නිසා සිරුරේ හැඩය පිළිබඳව කනස්සල්ලෙන් සිටින                     කාන්තාවන්ට කෙටි කාලයකින් ඉඟ දෙපස හැඩ කර ගන්නට හැකියාව ලැබේ.
■ ගෙල හා පසුපස ප්‍රදේශය ශක්තිමත් කරයි.
■ උදරය ඇදීමකට ලක් නොකර ඉඟ පමණක් නැමීම හේතුවෙන් වකුගඩු ක්‍රියාකාරිත්වය ඉතා      යහපත් කරවයි.
■ පාද සන්ධිවල නම්‍යශීලී බව ඉහළ නංවයි.
■ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත දුර්වලතා මග හරවා එහි ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කරයි.
■ පියයුරු වලට යටින් එල්ලා වැටෙන මස්පිඬු ශක්තිමත් කර සිරුර වඩාත් හැඩ කරවයි.
■ මුහුණට සහ දෑස්වලට කාන්තිමත් බවක් ගෙන දෙයි.

(ආධුනිකයින් අත ඔසවාගෙන සිටීම පමණක් ප්‍රමාණවත් වන අතර පළපුරුද්දත් සමග අත පහළට නැමීම කළ හැකි වේ.)

යෝගා උපදේශිකා,රේකී ආචාරිනි
ආර්යා ෆ්රෝලිච්

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>