TT Ads

කොළඹ, ආසිරි සෙන්ට්‍රල් රෝහලේ පිහිටා ඇති ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානය ස්ථාපිත කළ දින සිට පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ඒ පිළිබඳ දැනුවත් කිරීම් සහ අඛණ්ඩව උපදෙස් ලබා දෙමින් සිටියි.
ස්වයං – පියයුරු පරීක්ෂාව සහ දෛනික පරීක්ෂාව සක්‍රියව ප්‍රවර්ධනය කරනු ලබන ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානය විසින් පියයුරු ආශ්‍රිත ගැටලු ඇති කාන්තාවන් සඳහා නොමිලේ උපදේශන සේවාවන් ලබා දෙයි. අද වනවිට මෙම මධ්‍යස්ථානය නොමිලේ උපදේශන 400 කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් ලෙස පියයුරු පිළිකා රෝගය ඉහළයත්ම වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ජීවන රටාවේ වෙනස් වීම් හා නවීකරණය කිරීම්, ආහාර පුරුදු වෙනස් කිරීම, දුම්පානය, මත්පැන්, උපත් පාලන ඖෂධ භාවිතය, හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දීර්ඝ කාලයක් තිස්සේ සිදු කිරීම, දරුවන් ලැබීම ප්‍රමාද වීම සහ මව්කිරි දීම අවම කාලයකට සීමාවීම ආදිය රෝගය ඇතිවීමේ අවදානම් සාධක ලෙස හඳුනාගෙන ඇති බවය.
මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්, රෝගියා සමග ඇති විය හැකි සියලු අවදානම් සාධක මූලික උපදේශනය අතරතුර සාකච්ඡා කිරීම, සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සහ Mammography හෝ Ultrasound Screening පරීක්ෂාව නිර්දේශ කිරීම සිදු කෙරේ. මෑත අතීතයේ දී රෝග විනිශ්චයෙදී එවැනි පරීක්ෂණ කිසිවක් සිදුකර නොමැති අතර ඒවා අවශ්‍ය යැයි සලකනු ලැබේ. රෝග විනිශ්චය සඳහා වැඩි අවධානයක් හෝ තීරණාත්මක තීන්දු ගැනීමට අවශ්‍ය වූ විට, වඩාත් සුදුසු ප්‍රතිකාර සැලැස්ම තීරණය කිරීමට හා යෝජනා කිරීම බහුවිධ දැනුමැති කණ්ඩායමක් එක්ව තීරණය කරනු ලබයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>