TT Ads

සමහර පළාත්වල රාත්‍රියට ධර්මදේශනාමය පින්කම පවත්වා පහුවදා උදේ හෝ දහවල් සාංඝික දානයක් පිරිනමා රාත්‍රියට ගිහිපිරිත් සජ්ජායනා කරවීම සිදු කෙරේ. ධර්ම දේශනාවෙන් සහ දානමය පින්කම කිරීම තුළින් මළගිය ඥාතීන් ගෙන්වාම පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එසේ නිවසට ගෙන්වා ගත් යක්ෂ, ප්‍රේත, භූත පිසාච ආදී වශයෙන් වූ මළගිය ඥාතීන් තම නිවස හැර නොගොස් රැඳී සිටීවි යන බිය නිසා පිරිත් සජ්ජායනාවක් කරවා ගන්නේ ඔවුන් පන්නා දැමීමටය. මෙය හරියටම කිවහොත් ගෙට කතා කර කන්න බොන්න දී අනතුරුව පහර දී එලවා දැම්මක් නොවේද?

මේ කතා සත්‍යය නම් දන් දීමෙන් ඔබ කර ඇත්තේ තනිකරම මෝඩ වැඩකි. හේතුව දන් දීමට ගොස් ඔබ කොහේවත් සිටින යක්ෂයන්, ප්‍රේතයන්, භූතයන් ආදී වූ අමනුෂ්‍යයන් පිරිසක් ගෙට කැඳවාගෙන තිබේ. උන් එලවා දැමීමට ඔබට පිරිත් දේශනාවක් කරවන්නටත් සිදු වී ඇත.

මඳක් සිතා බලන්න. ඔබ ගිලී හිඳින්නේ මොන තරම් මිථ්‍යවකද? ධර්ම දේශනා සිදු කරවීම සාංඝික දාන පිරිනැමීම ආදී වූ මහත් කුසලයක් අත් වන පින්කම්වල අරුත හරිහැටි නොදැන ඔබ පින්කම් සිදුකර අනතුරුව මනසත් කිළිටි කරගෙන ඇත. මෙය කිරි කලයක් දොවා ඊට ගොම බින්දුවක් එකතු කිරීමක් නොවන්නේද?

ප්‍රේතයන් තම ඉහත ආත්මයේ ඥාතීන්ගේ නිවෙස්වලට පැමිණෙනවාද?

පරදත්තූප ජීවීන් නමින් හඳුන්වන ප්‍රේතයෝ කොට්ඨාසයක් සිටිති. තිරොකුඞ්ඩ සූත්‍රය මගින් බුදුරජාණ් වහන්සේ දේශනා කළ අන්දමට අප අනුමෝදන් කරන පින් සෑම ප්‍රේතයකුටම ලබා ගත නොහැකිය. එම හැකියාව ඇත්තේ පරදත්තූප ජීවීන් ලෙස හඳුන්වන ප්‍රේත කොට්ඨාසයට පමණි. ඔවුන් අපේක්ෂා කරන්නේද තම පෙර භවයන්හි ඥාතීන්ගෙන් පින් පමණි.
තමන් පෙර භවයේ වාසය කළ නිවසේ පරදත්තූප ජීවීන්ට රැඳී සිටිය හැකි බව තිරෝකුඞ්ඩ සූත්‍රය දක්වයි. ඒ අනුව දොරමුල්ලේ, පිළිකනුවල, එළිපත්තේ වුවත් මේ ජීවීන්ට රුඳී සිටිය හැකිය. තමන්ට පින් ලැබෙන තුරු බොහෝ අපේක්ෂා සහගතව යටහත් පහත්ව බලා සිටින මේ ප්‍රේතයන් ප්‍රමාණවත් තරමට පින් ලැබුණු පසු එම ප්‍රේතාත්ම භාවයෙන් නිදහස් වී එම නිවසින්ද පිටව යනු ඇත.

පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමිපාණෝ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>