TT Ads

පෙර පාසල් වයසේ ඉන්න පුංචි දරුවන්ට පෙර පාසලේ නිර්මාණ සඳහා තනිව සෑදිය හැකි ඉවත දමන ප්ලාස්ටික් හැඳිවලින් නිර්මාණය කළ විසිතුරු සෙල්ලම් බඩු කීපයක් ගැනයි මේ කියන්න යන්නේ.

Spoon Flower

ඉවත දමන ප්ලාස්ටික් හැඳිවලින් නිර්මාණය කළ මල් කීපයක් තමයි මේ. මලේ නටුව විදියට හැන්දේ මිටත් මලේ මැද කොටස විදියට හැන්දේ වක්‍රයත් මෙහිදී යොදා ගෙන තිබෙනවා. වර්ණ කඩදාසිවලින් පෙති කපා හැන්දේ වක්‍රය වටා ඇලවීමෙන් පසු පුංචි ලස්සන මලක් නිර්මාණය කර ගන්න පුළුවන්.

Spoon Rat

සුරතල් මී පැටවාගේ මුහුණ නිර්මාණය කරන්න යොදාගෙන තිබෙන්නේ හැන්දේ වක්‍රය කොටසයි. කන් දෙකත් ඇස් දෙකත් නාසයත් යෙදූ පසු හැන්දේ මිට කෙළවරට නූල් කැබැල්ලක් ඇලවීමෙන් මී පැටවාගේ වලිගයත් නිම වී තිබෙනවා.

Spoon Grasshopper

තණකොළ පෙත්තාගේ දිගු පිහාටු වෙනුවට අයිස්පලම් කෝටු දෙකක් යොදා ගැනීමෙන් ඉතාම පහසුවෙන් මේ තණකොළ පෙත්තා නිර්මාණය කර ගෙන තිබෙනවා. තණකොළ පෙත්තාගේ පාද වෙනුවට කොහු ලණු කැබැල්ලක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.

Spoon Family

හැඳි පවුලේ ඉන්න අයගේ මුහුණ හැන්දේ වක්‍රාකාර කොටසින් නිර්මාණය කර තිබෙන අතර වක්‍රයේ ඇතුළු පැත්තට වර්ණ වූල් ඇලවීමෙන් ඔවුන්ගේ කොණ්ඩයත් හැඳි මිට ශරීරය ලෙසත් අලංකාර කර ගන්න පුළුවන්.

Spoon Penguin

ඉලිප්සාකාරව කැපූ කළු පැහැති කඩදාසියක් කෙළවරකින් සිදුරු කර එය හැඳි මිට තුළින් ගෙන නිර්මාණය කර ඇති මේ පුංචි පෙන්ගුවින්ව ඇස් දෙකක්, හොටයක් සහ පාද යෙදීමෙන් නිර්මාණය කර ගන්න පුළුවන්.

දුලංජලී

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>