TT Ads

මේ සඳහා මුද්‍රිත හා තනිපාට කපු රෙදි වර්ගයක් තෝරා ගන්න.

ගවුම ඉදිරි කොටස මෙසේ සකසා ගන්න.
පළල 7” උස 18 කොටුවක් ඇඳ ගන්න.
A B C D ලෙස නම් කරන්න.
A සිට පහළට 3” E ලෙසද,A සිට දකුණට 2 1/2” ත්‍ ලෙසද ලකුණු කර ගන්න. F සිට 2 1/2 දකුණට G ලෙසද G සිට 1/2” පහළට H ද යොදා ගන්න. B සිට පහළට 6” I ලෙස නම් කරන්න.D සිට දකුණට 4” J යොදා 1 රූපය අනුව ගවුමේ ඉදිරි පලුව ඇඳ ගන්න.
පිටුපස පලුවේ කර ගැඹුර පමණක් වෙනස් වේ.


1 1/2” A සිට පහළට ලකුණු කර E යොදා ගන්න.

අනෙක් කොටස් පෙර සේමයි. 2 රූපය බලන්න. පිටුපස පලුව කොටස් 2ට කපා ගන්න.

කලිසම 8 1/2” පළල 18” උස කොටුවක් A B C D  අඳින්න.A සිට 6”ක් දකුණට E ද B සිට 7” පහළට F ද C සිට 41/2” දකුණට G ද ලකුණු කර කලිසම 3 රූපය අනුව ඇඳ කොටස් 4 කපා ගන්න.

මසා ගැනීම ගවුම කොටස

ඉදිරි හා පසු උරහිස් මූට්ට කර 3” පළල පටියක් රැලිකර පයිපින් මගින් කරවටේ අල්ලා ගන්න. 2” පමණ රැලි පටි දෙකක් අත් දෙකට අල්ලා ගන්න. ඉදිරි පලුව දෙපසට පින්තූරයේ මෙන් සාක්කු 2ක් අල්ලා ගන්න. අංශ දෙක මසා ගන්න. 4” පමණ පටියක් රැලි කර පහළ වාටියට අල්ලා ගන්න. ඔබට අවශ්‍ය පරිදි ගවුමේ උස අඩු වැඩි කර ගත හැක.

කලිසම

කපාගත් පලු 4 දෙක බැගින් ඉදිරි, පසු කරුව කොටස මසා ගන්න. (කලිසම බුරුලට ගෙන ඇති නිසා පිටුපස පලුවේ වෙනසක් අවශ්‍ය නොවේ)
දෙපස මූට්ටු කරගන්න. ඇතුළු පැත්ත මූට්ටු කර ඉණට ඉලාස්ටික් දමා වාටිය මසා ගන්න. උස අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න. රේන්ද, රිබන්, මල් ආදිය යොදා අලංකාර කර ගන්න.

ප්‍රවීණ මැහුම් උපදේශිකා
මානෙල් ප්‍රේමතිලක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>