TT Ads

පුංචි දරුවන් ප්‍රිය කරන කෑම ලැයිස්තුවේ මුලින්ම තියෙන්නේ බිත්තර. ඒ හින්දා මොන තාලෙට හැදුවත් බිත්තරවලට තියෙන ඉල්ලුම බිඳක්වත් අඩුවෙන්නෙ නැහැ. මේ රසවත් තිළිණය පොඞ්ඩන්ව සතුටු කරන්න වගේම උත්සව මේසයට වැඩි ආලෝකයක් එක් කරන්නයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:-

බිත්තර 05ක් (තම්බාගත්)
බී ලූනු ග්‍රෑම් 50ක්
අමු මිරිස් ග්‍රෑම් 20ක්
කොත්තමල්ලි කොළ ග්‍රෑම් 05ක්
මාළු සෝස් තේ හැඳි 2ක්
දෙහි යුෂ තේ හැඳි 1ක්
ලුණු රස අනුව
තක්කාලි ගෙඩි 01ක් හෝ 02ක්

 

සාදාගන්නා ආකාරය:-

භාජනයක් ගෙන එයට දික් අතට හීනියට ලියාගත් ලූනු, අමු මිරිස්, කොත්තමල්ලි කොළ, තක්කාලි රස අනුව ලුණු හා මාළු සෝස් දමා හොඳින් කලවම් කර එයට තම්බාගත් කටු ඉවත් කර ගත් බිත්තර දෙකට පලා එක් කරන්න.

 

උපදෙස් –
මවුන්ට් ලැවීනියා කේටරේස් හි
ප්‍රධාන සූපවේදි
පියල් පෙරේරා

සූපවේදී ටිරාන් ජය ශ්‍රී

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>