TT Ads

කුඩා දරුවන් පෙර පාසලට ගෙන යන කෑම පෙට්ටිය පිළිබඳව දෙමාපියන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු රැසක් ඇත.

කෑම පෙට්ටියක් මිලදී ගන්නා විට

කෑම පෙට්ටියක් මිලදී ගන්නා විට දරුවාට එකවර ආහාරයට ගත හැකි ප්‍රමාණයක් දැමීමට පමණක් ප්‍රමාණවත් වන ප්‍රමාණයේ කෑම පෙට්ටියක් මිලදී ගන්න. එමෙන්ම එය දරුවාට පහසුවෙන් ඇරීමට හා වැසීමට හැකි එකක්ද විය යුතුයි.
එයට කෑම දමන විටද දරුවාට ආහාරයට ගත හැකි ප්‍රමාණය පමණක් දමන්න. දරුවාගේ ශරීර වර්ධනය පිළිබඳව සිතා බලා කෑම වැඩි ප්‍රමාණයක් දැමීම කළ යුතු නොවේ.

බත් සහ ව්‍යංජන

බත් පොල් කටු හැන්දක ප්‍රමාණය දරුවකුට සෑහේ. මස් මාළු යවන්නේ නම් ඒවා කටු ඇර කුඩා කැබලිවලට කඩා තිබීම දරුවාට පහසුවකි.
එළවළු වර්ග, කොළ වර්ග ආදිය කුඩාවට කපා පිසිය යුතුයි. (ව්‍යංජන සකස් කරන විට)
බිත්තර තම්බා හෝ ඔම්ලට් යවන්නේ නම් එයද කුඩා කැබලිවලට කපන්නේ නම් වඩා සුදුසුය.

පාන් බනිස් වැනිදෑ

දරුවා කැමති දෙයක් පාන්වල තවරා සැන්විච් සකස් කර දිය හැකිය. නමුත් මෙහිදීද පාන්වල වාටි කපා පාන් පෙති දෙක එක තබා එය දෙකට හෝ හතරට කපා කෑම පෙට්ටියට දැමිය යුතුය.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>